පාන් බනිස් නැති වෙයිද ?

By Hashan May 19, 2025 04:05 AM GMT
Report

දැනට පවතින ලුණු හිඟය හේතුවෙන් බේකරි නිෂ්පාදනකරුවන් හා හෝටල් කර්මාන්තකරුවන්ගේ සිය කර්මාන්තයන්ට දැඩි බලපෑම් එල්ල වී තිබෙන බව වාර්තා වී තිබෙනවා.   

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසා සිටින්නේ අදාළ ඔවුන්ගේ කර්මාන්තයන්හි නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය ලුණු සොයා ගැනීම සඳහා ඔවුන්ට මහත් පරිශ්‍රන්මයක් දැරීමට සිදුව ඇති බවයි.

බේකරි නිෂ්පාදකයන්ට සහ හෝටල් හිමිකරුවන්ට සුපිරි වෙළෙඳසල්වලින් ලුණු එකතු කර ගැනීමට කාලය මෙන්ම තැනින් තැනට ලුණු එකතු කර ගැනීම සඳහා සේවකයන් සහ වාහන පවා යෙදවීමට සිදුව ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා වැඩිදුරටත් පවසා සිටියා.   

අද විශේෂ රථ වාහන සැලැස්මක්

අද විශේෂ රථ වාහන සැලැස්මක්

මහා පරිමාණ බේකරි හිමියන්ගෙන් එක් බේකරි හිමියකුගේ දිනක ලුණු අවශ්‍යතාව කිලෝ ග්‍රෑම් දෙසීය ඉක්මවන බවත් ,මෙසේ ලුණු එකතු කිරීම හේතුවෙන් ඉදිරියේ දී මහජනතාවට ලුණු හිඟය පුළුල්ව දැනීමට ඉඩ ඇතැයිද හෙතෙම අදහස් දක්වා සිටියා.