මෙන්න... පොල්තෙල් මිල ඉහළ යන්න හේතුව...

By Parami Dissanayake Jul 17, 2024 02:34 PM GMT
Report

කෘතිම හිඟයක් මවමින් පොල්තෙල් තොග සඟවා අධික ලෙස මිල ඉහළ දමා පොල්තෙල් අලෙවි කිරීමේ මාෆියාවක් රටපුරා ක්‍රියාත්මක වන බව පිටකොටුව තොග වෙළෙද පොළ ආරංචි මාර්ග පවසා සිටිනවා.

ඩෙංගු අධි අවදානම් කලාප ගණන ඉහළට...

ඩෙංගු අධි අවදානම් කලාප ගණන ඉහළට...

මෙම වෙළෙඳ මාෆියාව ක්‍රියාත්මක කරන්නේ, පොල්තෙල් ආනයනකරුවන් පිරිසක් සහ පොල්තෙල් පිරිපහදු කරන්නන් පිරිසක් එක්ව බව එම ආරංචි මාර්ග කියා සිටී.

මෙලෙස පොල්තෙල් මිල අධික ලෙස ඉහළ යෑම හේතුවෙන් කුඩා ව්‍යාපාර කඩා වැටී තිබේ.