රනිල් කැඳවූ රැස්වීමේදී සාකච්ඡා කළේ මොනවාද..ආණ්ඩුවේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට විරෝධී ක්‍රියා ගැන දැඩි කතාබහක්..
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) පැවැති විශේෂ දේශපාලන සාකච්ඡාවේදී කරුණු රැසක් පිළිබඳව අවධානය යොමු කර තිබූ බව වාර්තා වෙයි.
කොළඹ පෞද්ගලික හෝටලයක මෙම සාකච්ඡාව පැවැති අතර එහිදී වැඩි අවධානයක් යොමුකර ඇත්තේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ පිළිබඳවය.
ඊට අමතරව UNP-SJB සාකච්ඡා සම්බන්ධයෙන් ද අදහස් හුවමාරු කරගෙන ඇති අතර දෙපාර්ශ්වයෙන් සහභාගී වූ මන්ත්‍රීවරුන් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබුණි.
තවද වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා වී ඇති අතර එහිදී බොහෝ අදහස් පළවී ඇත්තේ ආණ්ඩුව විපක්ෂයේ දේශපාලන පක්ෂ මර්දනයක් ගෙනයන බවටත් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට විරෝධීව කටයුතු කරමින් ඇති බවටත් ය.
පසුගිය සමයේ කෝප් කමිටුව වැනි කමිටුවල සභාපති ධුරය එවකට විපක්ෂය නියෝජනය කළ සුනිල් හඳුන්නෙත්ති වෙත ලබාදී තිබූ නමුත් වත්මන් ආණ්ඩුව කෝප් සභාපති ධුරය ඔවුන් භාරයේ තබා ගැනීම පිළිබඳවත් මෙහිදී දැඩි ලෙස සාකච්ජාවට ලක්ව තිබේ.
එමෙන්ම පාර්ලිමේන්තුවේ කමිටු සඳහා විපක්ෂයේ පිරිස් නම් නොකිරීම සම්බන්ධයෙන්ද එහිදි රැස්ව සිටි නියෝජිතයින් අදහස් දක්වා තිබේ.
රැස්ව සිටි පිරිස එය හඳුන්වා ඇත්තේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් ලෙසය. අදාළ සාකච්ඡාව රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැඳවා තිබූ අතර පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපතිවරයාට සහය පළ කළ දේශපාලන පක්ෂ නියෝජිතයින් මෙන්ම වෙනම තරග කළ පක්ෂවල නියෝජිතයින් ද මෙම සාකච්ඡාවට එක්ව තිබීම විශේෂත්වයකි.
ඒ අනුව සමගි ජනබලවේගය නියෝජනය කරන මනෝ ගනේෂන් සහ පී. දිගාම්බරම් යන මන්ත්‍රීවරුන් ද මෙම සාකච්ඡාව සඳහා සහභාගි වී ඇත.
මීට අමතරව, හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධන, උදය ගම්මන්පිල, අනුර ප්‍රියදර්ශන යාපා, දුමින්ද දිසානායක, කංචන විජේසේකර, සාගල රත්නායක, වජිර අබේවර්ධන, ප්‍රේමනාත් සී දොලවත්ත යන මහත්වරුන් ද ඊට එක්වී තිබේ.
You may like this video