ලස්සන වෙන්න කැමති ඔයාට මෙන්න ක්‍රම කිහිපයක්...
කාන්තාවන් හැම විටම උත්සාහ කරන්නේ තමන්ගේ රූපය ලස්සනට තියා ගන්න. කොයිතරම් වැඩ තිබුණත් රූපය වෙනුවෙන් කාලයක් ,මුදලක් කැපකරන්න දෙවරක් නොසිතන්නෙත් ඒ නිසාමයි. කාර්යබහුල ඔබට රූපලාවණ්‍යාගාරයකට ගොඩවෙන්න කාලයක් නැත්තම් මෙන්න මේ සරල ක්‍රම මඟින් නිවසේදීම ලස්සන වෙන්න පුළුවන්.. ඔබත් උත්සාහ කරලා බලන්නකෝ.....
🔴මුහුණ අවපැහැවීම වැළක්වීමට
විඩාබර වූ අවපැහැ වුණු මුහුණට ඉතාමත් පහසුවෙන් කළ හැකි සත්කාරයක් තමයි මේ කියන්න හදන්නේ..මේ සඳහා අවශ්‍ය වන්නේ අර්තාපල් සහ දෙහි යුෂ පමණයි. අමු අර්තාපල් ගෙඩියක් ගෙන එය හොඳින් බ්ලෙන්ඩර් කර ඊට දෙහි යුෂ එකතු කරගන්න.පසුව ඉතාමත් මෘදු ආලේපනයක් සකසා ගන්න.අනතුරුව සාදාගත් මිශ්‍රණය කවාකාර ලෙස මුහුණේ ආලේප කර විනාඩි 20කට පමණ පසුව සෝදාහරින්න.සතියකට කිහිප වාරයක් මෙය සිදුකිරීම තුළින් ඉතාමත් පැහැදිලි වෙනසක් ඔබටම අත්විඳින්න පුළුවන්.
🔴 මුහුණට නැවුම් බවක්
වෙහෙස වූ මුහුණ නිරායාසයෙන්ම ඔබව පසුගාමී කරන නිසාම හොඳ නැවුම් ආරම්භයක් ලබාගැනීම උදෙසා ඔබට කළ හැකි සරල සත්කාරයක් තමයි මේ. පිපිඤ්ඤා සහ බිත්තර සුදු මදයක් ඊට හොඳටම ප්‍රමාණවත්. ගසාගත් බිත්තර සුදු මදයට හොඳින් කැබලි කර පල්පයක් ලෙස යුෂ ලබාගත් පිපිඤ්ඤා එකතු කරගන්න.පසුව මේවා හොඳින් මිශ්‍ර කරගන්න.මුහුණේ ආලේප කරගත් මිශ්‍රණය මිනිත්තු 20කින් පමණ සිසිල් ජලයෙන් සෝදාහරින්න.නැවුම් බවක් පළමු අවස්ථාවේදී පටන්ම ඔබේ මුහුණට දැනේවි.කාලයක් භාවිතා කිරීම තුළින් පැල්ලම් ඉවත් කිරීම ,සම පැහැපත් වීම වැනි තත්ත්වයන් ද ඔබටම අත්විඳිය හැකිය.
🔴 පැහැපත් සමකට
දෙහි ,බිත්තර සුදු මද ,කිරි සහ මී පැණි සපයාගන්න.හොඳින් ගසාගත් බිත්තර සුදු මදයට දෙහි ,කිරි සහ මී පැණි එකතු කරගන්න.ඉතාමත් හොඳින් මිශ්‍ර කළ පසුව මුහුණේ ආලේප කර මිනිත්තු 15කින් පමණ සෝදාහරින්න.සම පැහැපත් වීමට අමතරව සමෙහි ඇති කුරුළෑ තත්ත්වයන්ට ද මෙයින් ප්‍රතිකාර කෙරෙනවා.
🔴 කුරුළෑ වලට
කුරුළෑ යනු යෞවනියන් බොහොමයක් පීඩාවිඳින මුහුණේ සම ආශ්‍රිත ගැටලුවකි.මේ දිනවල ඇති මානසික ආතතිය ,වැරදි ආහාර රටා නිසාම තවත් මේ තත්ත්වය වැඩිවෙන්න පුළුවන්. ඉතාමත් පහසුවෙන් සපයා ගැනීමට හැකි දේවල් කිහිපයක් භාවිතයෙන් ඔබට මෙම තත්ත්වය මගහරවා ගතහැකිය.එනම් අමුකහ ,කොහොඹ සහ දෙහි හොඳින් කොටා මිශ්‍රණයක් සාදාගන්න.අනතුරුව මුහුණ හොඳින් සෝදා පිසදමා ආලේප කරන්න.සම තුළ ඇති විෂබීජ ඉක්මනින් පිටතට ඇදගැනීමේ ගුණය මේවා සතුය.මද වේලාවකට පසුව හොදින් මුහුණ සෝදා පිරිසිදු කරන්න.මුහුණට පමණක් නොව පිට සහ පපුව ආශ්‍රිතව ඇති කුරුළෑ තත්ත්වයන්ට ද මෙය ප්‍රතිඵලදායකය.
මුහුණේ සම ආශ්‍රිතව ඇති ගැටලු රැසකට ඉහත ආලේපනයන් තුළින් ඉතාමත් හොඳ ප්‍රතිඵලදායි විසඳුම් ලැබෙන බව ස්ථීරවම කිව හැකිය.එක් වරක් නොව සතියකට කිහිප වාරයක්ම මෙවැනි ආලේපනයක් භාවිතා කිරීම ,මෙවැනි සත්කාරයක් කිරීම ඔබට පැහැපත් ලස්සන සමක් උරුම කරදෙනු ලබනවා.
