සිරි දළදා වන්දනාවට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ග තුනක් මෙන්න!

By Shehan Apr 16, 2025 12:37 AM GMT
Report

එළැඹෙන අප්‍රේල් 18 වැනිදා ආරම්භ වන සිරි දළදා ප්‍රදර්ශනය වෙනුවෙන් දළදා මාලිගාව විසින් ප්‍රවේශ මාර්ග තුනක් හඳුන්වා දී ඇත.

ඒ අනුව:

  1. ඩී.එස්. සේනානායක වීදිය (ත්‍රිකුණාමලය වීදිය) දෙස සිට දළදා මාලිගාවේ පෝලිම් මාර්ගය දක්වා,
  2. රතු බොක්කුව දෙස සිට මහනුවර වැව රවුම (සංඝරාජ මාවත) හරහා දළදා මාලිගාවේ ප්‍රධාන පිවිසුම දක්වා ස්ථාපිත පෝලිම් මාර්ගය,
  3. රතු බොක්කුව දෙස සිට මහනුවර වැව රවුම (මාලිගාව පෙදෙස) හරහා දළදා මාලිගාවේ ප්‍රධාන පිවිසුම දක්වා ස්ථාපිත පෝලිම් මාර්ගය.

සිරි දළදා ප්‍රදර්ශනය අප්‍රේල් 18 වැනිදා ආරම්භ වන අතර, එය දින 10ක් පුරා පැවැත්වෙනු ඇත.