හේමාල් මහසෝනාගේ වෙස් ගනී - තාරුණ්‍යයේ සිහින කුමරා වෙනස්ම චරිතයකින් ළඟදීම රිදී තිරයට [VIDEO]

Report

ජනප්‍රිය නළු හේමාල් රණසිංහ ප්‍රධාන චරිතයෙන් එක්වන නවතම සිනමා නිර්මාණය වන ‘රිටිගල ජයසේන සහ සැඟවුණු නගරය’ චිත්‍රපටයේ නවතම පූර්ව ප්‍රචාරක පටය මේ වනවිට නිකුත් කර තිබේ.

මෙහි විශේෂත්වයක් වන්නේ හේමාල් රණසිංහ මහසෝනා යක්ෂ චරිතයකින් ප්‍රේක්ෂකයන් හමුවට පැමිණීමයි. ‘රිටිගල ජයසේන සහ සැඟවුණු නගරය’ අධ්‍යක්ෂණය කරන්නේ ජයන්ත චන්ද්‍රසිරි විසිනි. ‘අකාල සන්ධ්‍යා’, ‘දඬුබස්නාමානය’, ‘අග්නිදාහය’ සහ ‘සමනල සංධ්වනිය’ ඇතුළු සම්මානනීය නිර්මාණ රැසක් සිනමාවට සහ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට එක් කළ ජයන්ත චන්ද්‍රසිරිගේ නවතම නිර්මාණයක් ලෙස මෙම චිත්‍රපටය සැලකේ.

හේමාල් රණසිංහ සමඟ තුමිඳු දොඩන්තැන්න, පබෝදා සංදීපනී, උමා අසේනි සහ කාංචනා මෙන්ඩිස් ඇතුළු ජනප්‍රිය නළු නිළියන් රැසක් මෙහි රංගනයෙන් එක්ව සිටිති. චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය මධුනි අලහකෝන් විසින් සිදුකර තිබේ.

‘රිටිගල ජයසේන සහ සැඟවුණු නගරය’ නිෂ්පාදනය කර ඇත්තේ නිමල් දියුණුගල, රසිත ජිනසේන සහ සුජීව නිවුන්ඇල්ල විසිනි. ජනප්‍රවාද, ඉතිහාසය සහ මනඃකල්පිත ලෝකයක් සමඟ බැඳුණු බවට පෙනෙන මෙම නිර්මාණය, හේමාල් රණසිංහගේ වෙනස්ම චරිත නිරූපණයක් දැකබලා ගැනීමට ප්‍රේක්ෂකයන්ට අවස්ථාව ලබාදෙනු ඇත.

‘රිටිගල ජයසේන සහ සැඟවුණු නගරය’ චිත්‍රපටය ළඟදීම දිවයින පුරා සිනමාහල්වලදී තිරගත වීමට නියමිතය.

යෂ් නයන්තාරාව ඉහළටම ඔසවයි – ‘ඇය සැබෑම Lady Superstar

යෂ් නයන්තාරාව ඉහළටම ඔසවයි – ‘ඇය සැබෑම Lady Superstar

'Endgame' වාර්තාවත් කුඩු- 'Spider-Man: Brand New Day' බොක්ස් ඔෆිස් ඉතිහාසය උඩුයටිකුරු කරයි!

'Endgame' වාර්තාවත් කුඩු- 'Spider-Man: Brand New Day' බොක්ස් ඔෆිස් ඉතිහාසය උඩුයටිකුරු කරයි!