හේමාල් උදාරි අපූරු සුසංයෝගයෙන් හැඩවන “වයිෆ්”

Report

සෙනෙහස වපුරන එළඹෙන පෙබරවාරි මාසයේ පෙම්වතුන්ගේ දිනයට පෙර දිනයේ(13) සිට දිවයින පුරා සිනමා ශාලා වලදී තිරගත වීම් ආරම්භ කරන අලුත්ම සිනමා නිර්මාණය වනුයේ “වයිෆ්”(The Wife) සිනමාපටයයි.

තරුණ සිනමා අධ්‍යක්ෂක ශමීර නාඔටුන්න විසින් මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලබයි. ඔහු මීට පෙර ‘මෝටර් බයිසිකල්’, ‘සිහින නෙලුම් මල්’ වැනි සිනමාපට ප්‍රේක්ෂකයාට තිළිණ කළ සම්මාන ලාභී අධ්‍යක්ෂකවරයෙකි.

මෙරට ජනප්‍රියතම නළු නිළියන් දෙපළක් වන හේමාල් රණසිංහ හා උදාරි වර්ණකුලසුරීය විසින් මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරමින් රංගනයෙන් දායකත්වය දක්වයි.

හැඟීම් බිදී ගිය සිනමාකරුවෙකුගේ ජීවිත කතාවක් වටා  ‘වයිෆ්’ චිත්‍රපටයේ කතාව ගලා යනු ඇත. මෙම චිත්‍රපටය නිෂ්පාදනය කළේ වරුණ අරඹගේ විසිනි.

ඔන්න ඉතිං සිනමාවට ආදරේ කරන ඔයාට එළඹෙන පෙබරවාරි 13 වනදා සිට ප්‍රේක්ෂක ඔබට ළඟම සිනමා ශලාවේදී ‘වයිෆ්’ (The Wife) දැකබලාගන්න පුළුවන් .

හේමාල් රණසිංහ කියන්නේ බොහෝ දෙනෙක් ආදරය කරන සිහින තරුවක් ඉතිං ඔහුව දැකගන්නත්,සිනමාව හැඩ කරන තවත් දක්ෂ රංගන ශිල්පිනියක් වන උදාරි වර්ණකුලසුරීය ඒ අපූරු රංගනයත් බලන්නත් ඔයාට පුළුවන් ‘වයිෆ්’ (The Wife) බැලුවොත්.     

සිනමාවට ආදරය කරන ඔයත් 13 වෙනිදට ආදරය අරන් '' වයිෆ්’ බලන්න යන්න .

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery