බොරැල්ල හිරවෙයි - දැඩි රථවාහන තදබදයක් - පොලිසියෙන් නිවේදනයක්

Report

පොලිසිය පවසන්නේ බොරැල්ල ඩී.එස්. හන්දිය ආසන්නයේ ජල කාන්දුව අලුත්වැඩියා කිරීමේ කටයුතු හේතුවෙන් ඒ අවට මාර්ගවල දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බවයි.

ඒ අනුව, ඩී.එස්. වටරවුම සහ කනත්ත වටරවුම ආශ්‍රිතව රථවාහන තදබදය පවතින බව සඳහන් වේ.

අද දින රාත්‍රී 10 සිට - රියදුරන්ට විශේෂ නිවේදනයක් - ශ්‍රී ලංකා පොලිසියෙන් රථවාහන ගමනාගමන සීමාවක්

අද දින රාත්‍රී 10 සිට - රියදුරන්ට විශේෂ නිවේදනයක් - ශ්‍රී ලංකා පොලිසියෙන් රථවාහන ගමනාගමන සීමාවක්

එමෙන්ම, පාර්ලිමේන්තු පාර ඔස්සේ ඩී.එස්. සේනානායක මාවතෙන් කොළඹට පිවිසෙන මාර්ගවල මෙන්ම කාසල් වීදිය සහ මොඩල් ෆාම් පාර ආශ්‍රිතව ද රථවාහන තදබදයක් වාර්තා වී ඇත.

එබැවින්, එම මාර්ග භාවිත කරන රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙසත්, රථවාහන තදබදය සැලකිල්ලට ගෙන ගමන් කටයුතු සැලසුම් කරගන්නා ලෙසත්, පොලිසිය උපදෙස් දී ඇත.

පැය 42කට ජල සැපයුම අත්හිටුවයි - මේ ප්‍රදේශවල ජනතාව වහාම වතුර රැස්කරගන්න - ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයෙන් නිවේදනයක්

පැය 42කට ජල සැපයුම අත්හිටුවයි - මේ ප්‍රදේශවල ජනතාව වහාම වතුර රැස්කරගන්න - ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයෙන් නිවේදනයක්