නිවාඩු වුවත් පොදු ප්‍රවාහනයේ දැඩි තදබදයක්
අද (18) රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්වීම හේතුවෙන් මගී ප්‍රවාහන කටයුතු සීමිතව සිදු වූ බව වාර්තා වේ.
මැදපෙරදිග යුද්ධය හේතුවෙන් ඉන්ධන සැපයුම්වලට බලපෑම් ඇතිවීම හා ඉන්ධන හිඟයක් මතුවීමේ අවදානම හමුවේ බලශක්තිය ඉතිරි කිරීම සඳහා සෑම බදාදාවකම රජයේ ආයතන, පාසල්, විශ්වවිද්‍යාල හා අධිකරණ සඳහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කර ඇති අතර, මෙය මාර්තු 18 සිට ක්‍රියාත්මක වේ.
පෞද්ගලික අංශයේ බොහෝ ආයතන විවෘතව පැවතීම හේතුවෙන් අද උදෑසන බස් රථ හා දුම්රියවල අධික මගී ගහනයක් දක්නට ලැබුණු බව මාධ්‍ය වාර්තාකරුවන් පවසයි.
රජයේ නිවාඩුව නිසා රාජ්‍ය සේවකයින් බහුතරය නිවාඩුවේ සිටියද, පෞද්ගලික සේවකයින් හා අනෙකුත් මගීන් නිසා පොදු ප්‍රවාහන මාර්ගවල බරපතල තදබදයක් ඇති වූ බව වාර්තා වේ.
අත්‍යවශ්‍ය සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වූ අතර, ඉන්ධන ඉතිරි කිරීමේ මෙම පියවර රටේ ඉන්ධන සංචිත ආරක්ෂා කිරීමට උපකාරී වනු ඇතැයි බලධාරීන් පවසති.