දැඩි මෝසම් වැසි නිසා ඉස්ලාමාබාද් සහ රාවල්පිණ්ඩි ජලයෙන් යටවෙයි
By Kanchana
පාකිස්තානයේ ඉස්ලාමාබාද් සහ රාවල්පිණ්ඩි නගරවලට ඇදහැලුණු දැඩි මෝසම් වැසි හේතුවෙන් මාර්ග සහ නිවාස රැසක් ජලයෙන් යටවී තිබේ.
අඛණ්ඩව ඇදහැලෙන වර්ෂාවත් සමඟ ජල මට්ටම් ඉහළ යාම හේතුවෙන් බලධාරීන් විසින් ප්‍රදේශයේ පාසල් වසා දැමීමටද පියවර ගෙන ඇත.
හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් නගර දෙකේ දෛනික ජනජීවිතයට දැඩි බලපෑම් එල්ල වී ඇති අතර, ජනතාවට අවධානයෙන් සහ විමසිල්ලෙන් කටයුතු කරන ලෙස බලධාරීන් දැනුම් දී තිබේ.