පස්වරු 2.00න් පසු කාලගුණය වෙනස් වෙයි - පළාත් කිහිපයකට මි.මී. 75 ඉක්මවූ තද වැසි

Report

ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කර තිබේ.

ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථාන වලට මි. මී 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවත් එහි සඳහන් වේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වේ.

එමෙන්ම දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු 28 සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී.

මේ හේතුවෙන් අද (06) දින දහවල් 12:08 ට බෙන්තොට,තිනියාවල, ඉත්තකන්ද, උඩවලව සහ කතරගම යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතී.  

ඉදිරි පැය 36ට කාලගුණයෙන් අනතුරු ඇඟවීමක් - ප්‍රදේශ රැසකට තද වැසි

ඉදිරි පැය 36ට කාලගුණයෙන් අනතුරු ඇඟවීමක් - ප්‍රදේශ රැසකට තද වැසි

ඔබේ සාර්ථකත්වයට මග කියා දෙන අද ලග්න පලාපල මෙන්න

ඔබේ සාර්ථකත්වයට මග කියා දෙන අද ලග්න පලාපල මෙන්න