සෞඛ්‍ය වර්ජනය ගැන ගත් අලුත්ම තීරණය..වර්ජනය ඇරඹෙන දිනය හරියටම මෙන්න..(UPDATE)

Report

UPDATE -:

සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් හෙට උදෑසන 6.30 සිට වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

එම වැඩ වර්ජනය සඳහා වෛද්‍යවරුන් එක් නොවන බවද සඳහන් වෙයි.

එම වෘත්තීය සමිති පවසන්නේ, මුදල් අමාත්‍යාංශය සමග පැවති සාකච්ඡා අසාර්ථක වීම හෙතුවෙන් මෙම තීරණය ගත් බවයි.

..............................................................................................................

සෞඛ්‍ය වෘත්තීය සමිති පවසන්නේ, හෙට (13) හෝ අනිද්දා (14) දිනයේ නැවත වතාවක් සෞඛ්‍ය වැඩවර්ජනයකට යොමුවීමට සිදුවනු ඇති බවයි.

මුදල් අමාත්‍යාංශය සමග අද (12) පැවති සාකච්ඡා සාර්ථක නොවීම හේතුවෙන් එම තීරණය ගත් බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා කියා සිටියේය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, නායකත්ව මණ්ඩලය අද දහවල් රැස්වීමෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවය.

ජනාධිපතිවරයාගේ මැදිහත් වීමක් මෙම ගැටලුවට අත්‍යවශ්‍ය බවත් එසේ නොමැති වුවහොත් ජනතාව දැඩි අසීරුතාවයකට ලක්විය හැකි බවත් ඔහු පැවසීය.