අද දිවයින පුරා මොකද වුණේ දන්නව ද?. නොදුටු පැතිකඩ කැමරාවේ සටහන් වුණේ මෙහෙමයි.. (VIDEO)
Strike Sri Lanka
Latest Headlines
Decision Making
By krishani
අද (01) සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් සංකේත වැඩ වර්ජනයක නිරත වීය.
ඒ රුපියල් 35,000කින් ඉහළ දැමීමට තීරණය කළ වෛද්‍යවරුන්ගේ රාජකාරී බාධා, පැමිණ සිටීමේ හා ප්‍රවාහන දීමනා හෙවත් ඩැට් දීමනාව තමන්ට ද ලබා දෙන්නැයි ඉල්ලමින් ය.
ඒ සම්බන්ධයෙන් පෙරේදා දහවල් ද වෘත්තී සමිති කොළඹ ජාතික රෝහල ඉදිරිපිට විරෝධතාවයක නිරත විය.
එවැනි පසුබිමක තවමත් සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට දීමනාවක් ලබා දීම කෙරෙහි රජය හෝ මුදල් අමාත්‍යාංශය පාර්ශ්වයෙන් සාධනීය මැදිහත් වීමක් නොමැති වීම හේතුවෙන් අද දිනයේ සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් ඒකාබද්ධව වර්ජන ක්‍රියාමාර්ගයක නිරත විය.
මේ අතර ඒ සම්බන්ධයෙන් අද ජනතාව පත් වූයේ මහත් අපහසුතාවයක ය.
ඒ සම්බන්ධයෙන් ගගන අපි සොයා බැලීමක් සිදු කළා.
එහිදී ජනතාව කියා සිටියේ මෙවැන්නකී.
වීඩියෝ දර්ශන පහතින් නරඹන්න,
Sponsored By Sarrita Jewellery
