චෝදනා එල්ල වු සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්ට සේවා දිගුවක් දිමට යොජනාවක්
ප්‍රශ්නගත ඉමියුනොග් ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් ගනු දෙනුවට අනුමැතිය ලබා දීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ අනිද්දා රාජ්‍ය සේවයෙන් විශ්‍රාම යාමටයි නියමිත සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍ර ගුප්ත මහතාට සේවා දිගුවක් ලබා දීමට යෝජනා වී ඇති බව වාර්තා වේ.
ඉමියුනොග්ලොබියුලින් ප්‍රතිදේශ එන්නත් ගනුදෙනු සම්බන්ධයෙන් නව දුරටත් දැඩි මත බේදාත්මක තත්ත්වයක් පවතින අතර අදාළ ආයතනය මඟින් සිදු කළ නවන් ගනුදෙනුවක් සම්බන්ධයෙන් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය ඊයේ හෙළිදරව්වක් සිදු කළා.
ඒ ව්‍යාජ සහනිකයක් පෙන්වා පිළිකා එන්නන් ගෙන්වීම පිළිබඳවයි.
පසුගිය දා ඉයුනොග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් ගෙන්වීමට අදාළ නඩුව විභාගයට ගත් අවස්ථාවේ විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥයා ප්‍රකාශ කර තිබුණේ ප්‍රතිදේහ එන්නත් ගෙන්වීමේ සිද්ධියේ මහමොළකරු අමාත්‍ය මණ්ඩලයේ සිටින බවටයි.