Ondesterone නව ඖෂධයෙන් මරණ සිදුවී ඇත්නම් අනිවාර්‍යෙන් නීතිය ක්‍රියාත්මක කරනවා සෞඛ්‍ය ඇමති කියයි
ඔන්ඩෙස්ටෙරොන් (Ondesterone) නව ඖෂධය නිසා දෙදෙනෙකු මිය ගොස් ඇති බව හෙළිදරව් වුණොත් එම ඖෂධය නිෂ්පාදනය කළ ඉන්දියාවේ අදාළ සමාගමට හා එහි දේශීය නියෝජිතයා ලෙස කටයුතු කළ ආයතනයට අධිකරණ මගින් නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති සහ කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සදහන් කර තිබේ.
ඒ වගේම නීතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීම ගැන කිසිදු සැකයක් තබා ගත යුතු නැති බවත් එතුමා සදහන් කර තිබේ.
ඔන්ඩෙස්ටෙරොන් (Ondesterone) නව ඖෂධය ලබා දීමෙන් සිදුව ඇති ප්‍රශ්නගත කාන්තා මරණ දෙක ගැන ඊයේ (23දා) කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
තවද එතුමා සදහන් කළේ අදාළ පරීක්ෂණ වාර්තා රජයට ලැබීමට නියමිතව ඇති බවයි.
සිදුවූ මරණ ගැන කම්පා වන බව ඇමතිවරයා තවදුරටත් ප්‍රකාශ කර තිබේ.