ගිනිකෙළි සෙල්ලම් වලට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

Sinhala and Tamil New Year Hospitals in Sri Lanka Sinhala news
By Hashini Apr 14, 2025 10:18 AM GMT
Hashini

Hashini

Report

 සෞඛ්‍ය අංශ උත්සව සමයේ ගිනිකෙළි භාවිතයේදී සැළකිලිමත් වෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ, සිංහල හින්දු නව අවුරුදු උදාවත් සමග විවිධ ආකාරයේ අනතුරු හේතුවෙන් ඇසට සිදුවන අනතුරු වල වර්ධනයක් දැකිය හැකි බවයි.

සෞඛ්‍ය අංශ අවධාරණය කරන්නේ අනවශ්‍ය අවදානමක් ගැනීම සහ නොදැනුවත්කම ආදී දෑ මෙවැනි අනතුරු සඳහා හේතු වන බවයි.

මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට

ගිණිකෙලි අනතුරු වලින් ඔබගේ දෑස් ආරක්ෂා කරගැනීමටත් එම අනතුරු අවම කරගැනීමටත් ශ්‍රී ලංකා ජාතික අක්ෂි රෝහල පහත උපදෙස් පිළිපදිනා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

සෑම විටම වැඩිහිටියෙකුගේ අනුදැනුම යටතේ ගිණිකෙලි ද්‍රව්‍ය භාවිතා කරන්න. කිසි විටෙක කුඩා ළමුන් විසින් දැල්වීම නොකළ යුතුයි.

දැල්වීම කළ යුත්තේ විවෘත ස්ථාන වල වන අතර කිසි විටෙක ගොඩනැගිලි තුළ, රථවාහන අසල හෝ ගිනි ගන්නා සුළු ද්‍රව්‍ය ඇති ස්ථාන වල මේවා භාවිතා නොකළ යුතුයි.

රතිඤ්ඤා වරකට එක බැගින් දැල්විය යුතු අතර දැල්වූ වහාම අසලින් ඉවත් විය යුතුයි.

රැස්ව සිටින අය රතිඤ්ඤා දල්වන ස්ථානයට සැලකිය යුතු දුරකින් සිටිය යුතුයි.

කිසි විටෙක දැල්වූ රතිඤ්ඤා කෙනෙකු දෙසට හෝ සතුන් දෙසට විසි නොකළ යුතුයි.

කිසිවිටක මෙම රතිඤ්ඤා හෝ ගිණිකෙලි වල ඇති සේවා නූල හෝ ඇතුලත කොටස් කඩා වෙනස් නොකළ යුතුයි.

උත්සව සමයේ ආරක්ෂාව දැඩි වෙයි

උත්සව සමයේ ආරක්ෂාව දැඩි වෙයි

නොදැල්වූ රතිඤ්ඤා නැවත දැල්වීම සිදු නොකරන්න.

ගිණිකෙලි දල්වන අවස්ථාවේ වතුර බාල්දියක් තබාගත යුතු අතර පිළිස්සුම් සඳහා ප්‍රථමාධාර පිණිස මෙන්ම නොදැල්වූ රතිඤ්ඤා ආදිය ගිල්වීම සඳහා එය භාවිතා කළ හැක.

නොවැලැක්විය හැකි අනතුරකට ලක්වූ විට කල් පසු නොකර වහාම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සහ අත්බෙහෙත් වලින් වැළකීම ඉතා වැදගත් වේ.

කිසි විටෙක කුඩා ළමුන් විසින් ගිනිකෙළි දැල්වීමක් නොකළ යුතු බවද සෑම විටම වැඩිහිටියෙකුගේ අනුදැනුම මත ගිනිකෙළි ද්‍රව්‍ය භාවිතා කළ යුතු බවයි.

නොදැල්වුණු රතිඤ්ඤා නැවත දැල්වීම නොකළ යුතු බවද දැල්වීම සිදුකළ යුත්තේ විවෘත ස්ථාන වල පමණක් බවද සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා.

මිකොලාස් තියපු ලෝක වාර්තාව

මිකොලාස් තියපු ලෝක වාර්තාව

ReeCha