වැඩක් නෑ කියලා කුලියට දුන්නැයින් දුම්රිය දෙපාර්තමේන්තුවට ලක්ෂ 42ක් ආදායමක්

Report

ලබන දීපාවලී උත්සව සමය සඳහා හැටන් දුම්රිය ස්ථානය සතු වර්ග අඩි 23000ක ගොඩනැගිලි දෙකක් දින 14කට තාවකාලිකව වෙළදමේ කිරිමට ලබා දීමෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට රු.ලක්ෂ 42,10000ක අමතර ආදායමක් උපයා ගැනිමට ඊයේ (05) දින හැකි වූ බව හැටන් දුම්රිය ස්ථානයේ දුම්රිය ස්ථානාධිපති ජානක ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව දුම්රිය ස්ථානාධිපතිවරයා සඳහන් කළේ හැටන් දුම්රිය ස්ථානය සතු දැනට භාවිතයට නොගන්නා වර්ග අඩි 20000ක නව දෙමහල් ගොඩනැගිල්ල සහ වර්ග අඩි 3000කින් සමන්විත හැටන් දුම්රිය විශ්‍රාම ශාලාව දිපාවලී උත්සව සමය සඳහා වෙළදාම් කිරිමට ටෙන්ඩර් පත් කැදවු බවයි.

එමෙන්ම එම ටෙන්ඩර් පත් ඊයේ (05) දින විවෘත කළ විට නව දෙමහල් ගොඩනැගිල්ල රු.ලක්ෂ 40කටත්, හැටන් දුම්රිය විශ්‍රාම ශාලාව දෙලක්ෂ දසදහසකට අලෙවි කිරිමට හැකි වූ බවත් සඳහන් කළා.

පාසලට නරි පැනලා - දරුවෝ ටික විනාසයි

පාසලට නරි පැනලා - දරුවෝ ටික විනාසයි

මේ අතර පසුගිය වසරේ නව ගොඩනැගිල්ල රු.1025000ක මුදලකටත්, විශ්‍රාම ශාලාව රු.74000කටත් අලෙවි වූ බවත් කියා ඇත.

එබැවින් මෙවර එම ගොඩනැගිලි බදු දීම තුන් ගුණයකින් වැඩි වී ඇති බවයි දුම්රිය ස්ථානාධිපතිවරයා පෙන්වා දුන්නේ.

එමෙන්ම ටෙන්ඩර් පත් විවෘත කිරිමේ අවස්ථාවට දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය වාණිජ අධිකාරි ඩබ්ලිව්.එච්. චන්දන, වෙළද සහ අලෙවි කළමණාකරු එච්.අයි. ජයතිලක, දිස්ත්‍රික් ප්‍රවාහන වානිජ අධිකාරි එච්.ටී. හීනැටිගල යන මහතුන් සහභාගි වී සිටි බව සඳහන්.

දිවයින පුරා පාසල් වසන නිර්ණායක මෙන්න

දිවයින පුරා පාසල් වසන නිර්ණායක මෙන්න

බදු රහිත වාහන බලපත්‍ර ගැන ඇහෙන අලුත්ම ආරංචිය මෙන්න

බදු රහිත වාහන බලපත්‍ර ගැන ඇහෙන අලුත්ම ආරංචිය මෙන්න