අමාත්‍යාංශ මුදල්වලින් හරීන්ගේ නිවසේ බිල් ගෙවූ බව විගණන වාර්තාවකින් අනාවරණය වෙයි

Report

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ රජය යටතේ සංචාරක හා ඉඩම් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ හරීන් ප්‍රනාන්දු මහතාගේ නිල නිවසේ ජල, විදුලි සහ දුරකථන බිල්පත් ගෙවීම සඳහා 2024 වර්ෂයේදී අමාත්‍යාංශයේ අරමුදල්වලින් රුපියල් 1,062,665ක මුදලක් ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලයේ වාර්තාවකින් අනාවරණය වී තිබේ.

2022 වර්ෂයේදී හරීන් ප්‍රනාන්දු මහතාට නිල නිවසක් ලබාදී ඇති අතර, එම නිවසේ ජල, විදුලි සහ දුරකථන බිල්පත් ඔහු විසින් පෞද්ගලිකව ගෙවන බවට ගිවිසුමකට එළඹ තිබුණි.

කෙසේ වෙතත්, එම ගිවිසුමේ 07 වන වගන්තිය පැහැදිලිව උල්ලංඝනය කරමින් මෙම බිල්පත් සඳහා අමාත්‍යාංශයේ මුදල් භාවිතා කර ඇති බව විගණන වාර්තාවේ සඳහන් වේ.

NPP එකයි යහපාලනයයි කළේම අපිට චෝදනා කරපු එකනේ ඉතින් අයිස් කන්ටේනර් එකටත් මුහුණ දෙන්නම් - නාමල්

NPP එකයි යහපාලනයයි කළේම අපිට චෝදනා කරපු එකනේ ඉතින් අයිස් කන්ටේනර් එකටත් මුහුණ දෙන්නම් - නාමල්

මූල්‍ය රෙගුලාසි 135ට අනුකූලව, මහජන අරමුදල්වලින් මෙවැනි වියදම් සිදුකිරීම සම්බන්ධයෙන් අදාළ බලධාරීන් වගකිව යුතු බව විගණන කාර්යාලය නිර්දේශ කර ඇත.

මෙම තොරතුරු 2024 වර්ෂය සඳහා සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ කාර්ය සාධන විගණන වාර්තාව මගින් හෙළිදරව් කර ඇති අතර, මෙම සිදුවීම සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සහ ක්‍රියාමාර්ග ගැනීමට බලධාරීන්ගේ අවධානය යොමු වී තිබේ. 

මහින්ද ආපහු කොළඹට අනුර ආපහු ගමට.. - සංජීවයි නාමලුයි කියන කතා

මහින්ද ආපහු කොළඹට අනුර ආපහු ගමට.. - සංජීවයි නාමලුයි කියන කතා

ඔය ඔක්කොම පරම්පරාවෙන් ලැබිච්චා ඉතුරුවා හම්බ කරා කවුරුත් අපිව දන්නවා, කෝටි 27ක වත්කම් වසන්ත දිගාරියි

ඔය ඔක්කොම පරම්පරාවෙන් ලැබිච්චා ඉතුරුවා හම්බ කරා කවුරුත් අපිව දන්නවා, කෝටි 27ක වත්කම් වසන්ත දිගාරියි