හරීන් අධිකරණයට - නඩුව කල් යයි
පසුගිය මහ මැතිවරණ සමයේ මැතිවරණ නීති උල්ලංඝනය කළේ යැයි පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවක් සඳහා හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (06) පෙරවරුවේ අධිකරණය හමුවේ පෙනී සිටියේය.
එහිදී නඩුව කැඳවූ බදුල්ල මහෙස්ත්‍රාත් උදිත් ගුණතිලක මහතා, එම නඩුව මැයි මස 5 වැනිදා නැවත කැඳවීමට නියෝග කළේය.
මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු අවසන් කිරීමට තිබූ දින දහවල් බදුල්ල නගරයේදී මැතිවරණ නීති උල්ලංඝනය වන ආකාරයෙන් පෙළපාලියකින් ගමන් කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට, පසුගිය වසරේ නොවැම්බර් මස 20 වැනිදා බදුල්ල මූලස්ථාන පොලිසිය වෙත පැමිණි අවස්ථාවේදී හරීන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගනු ලැබීය.
ඉන් අනතුරුව ඔහු එදිනම බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ලක්ෂ 5ක ශරීර ඇප මත මුදාහැර තිබුණි.