වහාම ක්‍රියාත්මක වන පරිදි ක්‍රීඩා ඇමති හදිසි තීරණයක් ගනී..එම තීරණය මෙන්න..

Report

ක්‍රීඩා අමාත්‍යවරයාගේ ගැසට් පත්‍ර දෙකක් රිවර්ස්: හරීන් ගත්ත දැඩි තීරණය හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් නිකුත් කර තිබූ අති විශේෂ ගැසට් පත්‍ර දෙකක් වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර තිබෙනවා.

ඒ, වත්මන් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින්.

ඒ අනුව, 2023 ජුලි මස 28 දිනැති හා අංක 2342/48 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මෙලෙස අහෝසි වනු ඇති.

එමෙන් ම ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනය සහ ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමයේ බලතල, කාර්යයන් සහ රාජකාරි ඉටු කිරීම සඳහා කරන ලද අතුරු කමිටු විසිරුවා හරිනු ලැබූ ගැසට් පත්‍රය ද අහෝසි වන බවයි පැවසෙන්නේ.

හරීන් ප්‍රනාන්දු මහතා විසින් නිකුත් කළ ගැසට් පත්‍රයේ දැක්වෙන්නේ, ජාතික ක්‍රීඩා සංගම් හෝ සම්මේලනයන්හි ව්‍යවස්ථාවට අනුව නීත්‍යානුකූල නිල කාලය අවසන් වී නැවත නිලවරණයක් පවත්වන තෙක් මීට පෙර පැවැති නිලවරණයෙන් තේරී පත් වූ නිලධාරි මණ්ඩලය ඉදිරියට පත්වාගෙන යා හැකි බවයි.

Sponsored By Sarrita Jewellery

වහාම ක්‍රියාත්මක වන පරිදි ක්‍රීඩා ඇමති හදිසි තීරණයක් ගනී..එම තීරණය මෙන්න.. | Harin Fernando Spacial Notice


Gallery