හග්ගල ජාතික උද්භිද උද්‍යානය ගැන අසුබ ආරංචියක්
2024 වසරට සාපේක්ෂව 2025 වසරේ හග්ගල ජාතික උද්භිද උද්‍යානයේ වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ විසි නව දහස් එක සිය අසූ තුනකින් (රු. 20,29,183) පහත බැස ඇති බව ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව 2025 වසරේ හක්ගල උද්භිද උද්‍යානයේ වාර්ෂික ආදායම රුපියල් දහඅට කෝටි අසූ හතර ලක්ෂ හැත්තෑ අට දහස් නවසිය එකක් (රු. 18,84,78,900) ලෙස සටහන් වූ අතර, 2024 වසරේදී එම ආදායම රුපියල් දහනව කෝටි පහ ලක්ෂ අට දහස් අසූ හතරක් (රු. 19,05,08,084) ලෙස වාර්තා වී තිබුණි.
2024 වසරට වඩා 2025 වසරේ ආදායම මෙලෙස අඩුවීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ පසුගිය “දිට්වා” සුළි කුණාටුවෙන් සිදු වූ බලපෑම් හේතුවෙන් මසකට ආසන්න කාලයක් උද්‍යානය සම්පූර්ණයෙන් වසා තැබීමට සිදුවීම බවද දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
2025 වසරේදී උද්‍යානය නැරඹීමට දෙස් විදෙස් සංචාරකයන් පන් ලක්ෂ විසි දෙදහස් හාරසිය පනස් දෙනෙකු (522,450) පැමිණ ඇති අතර, 2024 වසරේදී එම සංඛ්‍යාව හත් ලක්ෂ හතළිස් නව දහස් දෙසිය පනස් හත් දෙනෙකු (749,257) ලෙස වාර්තා වී තිබුණි.
2025 වසරේ සංචාරකයන් අතරින් දේශීය සංචාරකයන් හාර ලක්ෂ අනු හත් දහස් පන්සිය විසි පස් දෙනෙකු (497,525) වන අතර, විදෙස් සංචාරකයන් විසි හතර දහස් නවසිය විසි පස් දෙනෙකු (24,925) ලෙස සටහන් වේ.