කලමුල්ලේ ටෂීගේ මරුවාද හදිසියේම මරුට

By Piyumika May 28, 2024 12:05 PM GMT
Report

 කළුතර, කටුකුරුන්ද ප්‍රදේශයේ දී සිදුවු ඝාතනයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ සිටි සැකකරුවකු ඊයේ (27) කළුතර බන්ධනාගාරය තුළ දී හදිසියේ මියගොස් ඇති බව කළුතර උතුර පොලීසිය වර්තා කලේය.

මාතර කොටවිල බිළිඳු සිරුර DNA පරීක්ෂණයට..

මාතර කොටවිල බිළිඳු සිරුර DNA පරීක්ෂණයට..

එලෙස මියගොස් ඇත්තේ, මනුෂ්‍ය ඝාතන චෝදනාව යටතේ පසුගිය 25 දා කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටි තිබුවන පැලපිටියාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි තුෂාර රුක්මාල් සිල්වා නමැති රැඳවියෙකි.

අද සිට වැසි තත්ත්වය වෙනස් වෙයි..විශේෂයෙන් මේ ප්‍රදේශ වල අයටයි..

අද සිට වැසි තත්ත්වය වෙනස් වෙයි..විශේෂයෙන් මේ ප්‍රදේශ වල අයටයි..

මෙකී රැඳවියා ඊයේ (27) පස්වරුවේ හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් අසනීපව කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇති අතර ඔහුගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (28) කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලේදී සිදුකිරීමට නියමිතව ඇත.

මේ සම්බන්දව වැඩිදුර පරීක්ෂණ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරේ.

අනියම් බිරින්දෑවරු දෙදෙනාගේ බහට නීත්‍යානුකූල බිරිඳව මරා ලිඳට දාලා.

අනියම් බිරින්දෑවරු දෙදෙනාගේ බහට නීත්‍යානුකූල බිරිඳව මරා ලිඳට දාලා.

පසුගිය 20 වනදා කළුතර, කටුකුරුන්ද ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින් 40 හැවිරිදි තෂ්මින් මධුවන්ත සිල්වා නොහොත් කලමුල්ලේ ටෂී නැමැත්තා මියගොස් ඔහුගේ 7 හැවිරිදි දියණිය තුවා ලැබීය.අදාළ පුද්ගලයා සිය නිවසේ දරු තිදෙනා සමඟ රාත්‍රි ආහාරය ලබා ගනිමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩිතබා පළා ගොස් තිබිණි.