රජය විශේෂ තීරණයක් ගනී.. ඉදිරි දින කිහිපයේ ප්‍රකාශයට පත් කරන්න යන දෙය මෙන්න..
කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.
ඒ ඉදිරි දින කිහිපයේ දී වී සඳහා වූ සහතික මිල ප්‍රකාශයට පත් කරන බවයි.
ඒ මහතා මේ බව සදහන් කළේ ඊයේ (01) පැවැති ජන හමුවකට එක්වෙමින් ය.
එමෙන්ම, මෙහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ගොවීන්ගේ වී අස්වනු සඳහා නිසි මිලක් ලබා ගැනීමට ඉල්ලීම් සිදු කරමින් ආරම්භ කළ සටන ඉතිහාසයේ පළමු වරට මෙවර ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබෙන බවයි.
කෙසේ වෙතත්, වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ මේ වෙනකොට කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ආයතන 05ක වී කිලෝ එකක නිෂ්පාදන වියදම ගණන් බලා ඇති බවයි.
You May Like This Video👇