මියෙන්මාර් රදවා සිටි තරුණයන් පිරිස යළි ලංකාවට

By Lakshika May 08, 2025 08:15 AM GMT
Report

 මියන්මාරයේ සයිබර් කඳවුරුවල රඳවා සිටි ශ්‍රී ලාංකික තරුණයන් 15 දෙනෙකු, සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධා විසින් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙනවිත් තිබෙනවා.

ඒ, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා රජය තායිලන්ත සහ මියන්මාර රජයන් සමඟ සිදුකල රාජතාන්ත්‍රික මෙහෙයුමකින් අනතුරුවයි.

අම්ෂිකාට යුක්තිය ඉල්ලා ජනතාව පාරට බසී - මාර්ග රැසක් අවහිර වේ (PHOTO) (VIDEO)

අම්ෂිකාට යුක්තිය ඉල්ලා ජනතාව පාරට බසී - මාර්ග රැසක් අවහිර වේ (PHOTO) (VIDEO)

අදාළ තරුණයන් පිරිස මියන්මාරයේ, මියවැඩි නැමති ප්‍රදේශයේ පිහිටි සයිබර් කඳවුර තුළින් මුදාගෙන දේශසීමාව ඔස්සේ තායිලන්තය වෙත රැගෙන විත් තිබෙනවා.

"නැවතත් ජනාධිපති ධුරයට එනවා කිව්වේ විහිළුවට"

"නැවතත් ජනාධිපති ධුරයට එනවා කිව්වේ විහිළුවට"

ඉන්අනතුරුව ඔවුන් තායිලන්තයේ බැංකොක් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

එලෙස රැගෙන ආ තරුණයන්ගේ නිශ්කාශන කටයුතු නිමා කිරීමෙන් පසු ගම්බිම් බලා යාම සඳහා ඔවුන් කටුනායක ගුවන් තොටුපොළෙන් නිදහස් කර තිබෙනවා.