ප්‍රසිද්ධ පාසලක සිසුන් පිරිසක් අතුරුදන් වෙයි..

Report

යුද හමුදාව පවසන්නේ, කොළඹ ප්‍රදේශයේ ප්‍රධාන පාසලක ඉගෙනුම ලබන සිසුන් 10 දෙනෙකුගෙන් යුත් පිරිසක් හන්තාන කන්ද නැරඹීමට ගොස් අතරමං වී ඇති බවයි.

පසුව එම පිරිස නිරුපද්‍රිතව මුදා ගැනීමට යුද හමුදා භට පිරිස් සමත්ව ඇත.එලෙස අතරමංව ඇත්තේ, වයස අවුරුදු 16ත් 17ත් අතර පසුවන පිරිසකි.

ඔයාටත් මෙහෙම මැසේජ් එකක් ඇවිල්ලද බලන්න..මීටින් එකකට එන්න කියලා ද..?

ඔයාටත් මෙහෙම මැසේජ් එකක් ඇවිල්ලද බලන්න..මීටින් එකකට එන්න කියලා ද..?

ඔවුන් හන්තාන කන්ද නැරඹීමට ගොස් එය තරණය කර පසුව එහි අනාරක්ෂිත ප්‍රදේශයක් නැරඹීමට ගොස් ඇත.

 යුද හමුදාව පැවසුවේ,එහිදී එක් අයෙකුගේ කකුලේ ඇති වු මස්පිඬු පෙරළීමක් හේතුවෙන් හා පැවති මීදුම හේතුවෙන් මාර්ගය සොයා ගැනීමට අපහසු වී නැවත පැමිණීමට නොහැකිව අතරමංවී ඇති බවයි.

මේ සම්බන්ධයෙන් යුද හමුදාවේ භට පිරිස් වෙත සැලවීමෙන් පසු එම පිරිස ආරක‍්ෂිතව මුදවා ගැනීමට 111 බලසේනා මුලස්ථානය හා 2 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් මෙහෙයුමක් ආරම්භ කෙරිණි.

වෙන කෙනෙක් මේක කරානම් නාමල් අමුඩේ ගහන් මහපාරේ..සීලරතන හිමි ලෙසටම ජාතිය අමතයි - (VIDEO)

වෙන කෙනෙක් මේක කරානම් නාමල් අමුඩේ ගහන් මහපාරේ..සීලරතන හිමි ලෙසටම ජාතිය අමතයි - (VIDEO)

ඒ අනුව රාත්‍රී 8ට පමණ මෙම සිසුන් මුඳවා ගැනීම ආරම්භ කර ඇති අතර, අලුයම් කාලය වන විට එම සිසු පිරිස ආරක්‍ෂිතව පහළට රැගෙන ඒමට යුද හමුදා භට පිරිස් කටයුතු කර ඇත.

...............................................

You may like this video 👇