දරුණු ගුවන් අනතුරක් - හෙලිකොප්ටර් යානා දෙකක් ගුවනේදී එකිනෙක ගැටේ දෙදෙනෙක් මරුට

Report

ග්‍රීසියේ පැතිර යන ලැව්ගිනි මැඩපැවැත්වීම සඳහා යොදාගත් හෙලිකොප්ටර් යානා දෙකක් ගුවනේදී එකිනෙක ගැටීමෙන් කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු මිය ගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ ඩෙන්මාර්ක ජාතික ගුවන් නියමුවෙකු සහ ග්‍රීක ගිනි නිවන සේවා සම්බන්ධීකරණ නිලධාරියෙකි. අනතුරට ලක්වූ දෙවන හෙලිකොප්ටරයේ සිටි බ්‍රිතාන්‍ය ගුවන් නියමුවා සහ තවත් ග්‍රීක නිලධාරියෙකු නිරුපද්‍රිතව දිවි ගලවා ගැනීමට සමත්ව ඇත.

ලංකාවේ ඉදිරි පැය 36 මේකයි වෙන්න යන්නේ - මේ පැති වල ජනතාව දැනුවත් වෙන්න

ලංකාවේ ඉදිරි පැය 36 මේකයි වෙන්න යන්නේ - මේ පැති වල ජනතාව දැනුවත් වෙන්න

ඇතන්ස් අගනුවරට බටහිරින් කිලෝමීටර් 65ක් පමණ දුරින් මෙම අනතුර සිදුව ඇති අතර, බෙල් (Bell) වර්ගයේ හෙලිකොප්ටර් යානයක් අනෙක් යානයේ ප්‍රචාලකවල ගැටීමෙන් ගිනිගෙන පුපුරා කඩා වැටී තිබේ.

අනෙක් යානය සාර්ථක ලෙස හදිසි ගොඩබෑමක් සිදුකර ඇත. පවතින දැඩි උණුසුම් කාලගුණයත් සමඟ ග්‍රීසිය ඇතුළු යුරෝපා රටවල් ගණනාවක විනාශකාරී ලැව්ගිනි පැතිර යමින් පවතින අතර, ග්‍රීක අගමැති කිරියාකොස් මිට්සෝටාකිස්මෙම ඛේදනීය අනතුර සම්බන්ධයෙන් සිය කණගාටුව පළ කර තිබේ.

දිස්ත්‍රික් කිහිපයකට නායයෑම් ‍රතු නිවේදනයක් ‍- ජනතාවට දැඩි විමසිල්ලෙන් සිටින ලෙස දැනුම්දීමක්

දිස්ත්‍රික් කිහිපයකට නායයෑම් ‍රතු නිවේදනයක් ‍- ජනතාවට දැඩි විමසිල්ලෙන් සිටින ලෙස දැනුම්දීමක්