ග්‍රෑන්ඩ්පාස් මහවත්ත ඔර්ලොසු කණුව අසල ඝාතනය - සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ මහවත්ත ඔර්ලොසු කණුව අසල පසුගිය 05 වැනිදා යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් සිදුකළ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස, එම අපරාධයට ආධාර අනුබල දීමේ චෝදනාව මත සැකකරුවන් දෙදෙනා ඊයේ (07) අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් 31 සහ 32 වයස්වල පසුවන කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කරයි.
