අද සහ හෙට සියලුම ග්‍රාම නිලධාරින් සේවයෙන් ඉවතට - දිවයින පුරා ක්‍රියාත්මක වෘත්තිය ක්‍රියාමාර්ගයක්

Report

ගමන් වියදම් දීමනාව ඉහළ නොදැමීම සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ග්‍රාම නිලධාරින් අද (10) සහ හෙට (11) යන දෙදින තුළ අසනීප නිවාඩු වාර්තා දමා සේවයට වාර්තා නොකර සිටීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඊයේ (09) දින කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්, ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති සන්ධානයේ සභාපති නන්දන රණසිංහ මහතා මේ බව සඳහන් කළා.

ඔහු පැවසුවේ ග්‍රාම නිලධාරීන් සඳහා දෙනු ලබන රුපියල් 600ක ගමන් වියදම් දීමනාව වසර 8ක් පුරාවට වැඩි නොකර ඇති බවයි.

අද 2න් පස්සේ රටේ පළාත් රැසක වෙන්න යන දේ - සුළු මොහොතකට පෙර නිවේදනයක්

අද 2න් පස්සේ රටේ පළාත් රැසක වෙන්න යන දේ - සුළු මොහොතකට පෙර නිවේදනයක්

එසේම 2024 වසරේදී අදාළ දීමනාව වෙනුවට ඉන්ධන ලීටර් 20කට සමාන දීමනාවක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව සඳහන්.

කෙසේ වුවද මේ දක්වා එය ලබා නොදීමට විරෝධය පළ කරමින් අද (10) සහ හෙට (11) අසනීප නිවාඩු වාර්තා කරමින් සේවයට වාර්තා නොකිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව නන්දන රණසිංහ මහතා සඳහන් කර සිටියා.

එබැවින් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය දිවයින පුරා ක්‍රියාත්මක වනු ඇති බව සඳහන්.

අද සිට ඇරඹෙන උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක් - විභාගයට පැයකට පෙර සියලුම අයදුම්කරුවන් පැමිණිය යුතුයි

අද සිට ඇරඹෙන උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක් - විභාගයට පැයකට පෙර සියලුම අයදුම්කරුවන් පැමිණිය යුතුයි

ලග්නයෙන් හයවැන්නේ සඳු ගෝචරය වන අද දින මේ අයට ඉතා සුබයි - අගෝස්තු 10 දවසේ පලාපල මෙන්න

ලග්නයෙන් හයවැන්නේ සඳු ගෝචරය වන අද දින මේ අයට ඉතා සුබයි - අගෝස්තු 10 දවසේ පලාපල මෙන්න