මෙරට තරගකාරීම විභාගයකට එකවරම අයදුම්පත් කැඳවයි - මේ සුදුසුකම් සම්පූර්ණ නම් දැන්ම අයදුම් කරන්න.. කාලය සීමිතයි.(PHOTO)
By krishani
අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ ජාතික පාසල්වල පවතින සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමට අයදුම්පත් කැඳවා ඇති බවයි.
එම තෝරාගැනීම් සඳහා වන විවෘත තරග විභාගය 2024 ජනවාරි මස පැවැත්වීමට නියමිතයි.
අදාළ තරග විභාගය සඳහා වන අයදුම්පත www.doenets.lk වෙබ් අඩවියේ ”Our Services” යටතේ ඇති ‘’Online Applications – Recruitment Exams’’ ඔස්සේ පළ ඇත.
මෙම අයදුම්පත් යොමු කළ හැකි වන්නේ Online ක්‍රමවේදය ඔස්සේ පමණක් වන අතර අයදුම්පත් භාර ගැනීම එළඹෙන දෙසැම්බර් 1 වෙනිදායින් අවසන් වේ.
එම නිවේදනය පහතින් දැක් වේ.
