10 සිට 13 ශ්‍රේණිය දක්වා පාසල් සිසුන්ට බරපතළ අර්බුදයක් - පාසල් හා ජාතික මට්ටමින් ප්‍රමුඛතාව දීමට උපදෙස්
දෛනිකව සමාජ මාධ්‍ය භාවිතයේ නිරතවීම හේතුවෙන් මෙරට පාසල්වල 10 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන සිසුන්ගෙන් සියයට 60.1% පිරිසක් දැඩි මානසික ආතතියෙන් පෙළෙන බව පර්යේෂණයකින් හෙළි වී ඇති බව වාර්තා වේ.
කැලණිය විශ්වවිද්‍යාලය සහ ඔස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලය එක්ව සිදුකළ පර්යේෂණයකට අනුව පාසල් සිසුන් තුළ පවතින මෙම ආතති තත්ත්වය පිළිබඳ හඳුනාගෙන ඇති බව සඳහන්.
එමඟින් 10 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණියේ පාසල් සිසුන් මෙසේ දැඩි මානසික ආතතියෙන් පෙළෙන අතර ඔවුන්ගෙන් සියයට 24.1% පිරිසකට සායනික මට්ටමේ විශාද ලක්ෂණ පවතින බවද අනාවරණය වී ඇත.
ආයේ වාහන නෑ කියලා වද වෙන්න ඕනේ නෑ - ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නිකුත් කළ වාර්තාව මෙන්න - වාහන ආනයනය 32%කින් ඉහළට
එමෙන්ම දිනපතා සමාජ මාධ්‍ය භාවිතය සේම අධ්‍යපානය තුළ ඇති පීඩාව, ශාරීරික ක්‍රියාකාරකම් අඩුවීම සහ පවුල් පසුබිම් තුළ ඇති විවිධාකරයේ ගැටලුද මෙම තත්ත්වය ඇති වීමට ප්‍රධාන ලෙස බලපා ඇති බව ළමා මනෝ විශේෂඥ වෛද්‍යවරුන් සඳහන් කරයි.
විශේෂයෙන්ම වයසින් වැඩි සිසුන් සහ ගැහැනු ළමයින් මින් වැඩිපුර පීඩාවට පත්ව ඇති බවටද මෙම සමික්ෂණයේදී හෙළි වී තිබෙනවා.
සිසුන්ගේ මෙම මානසික සෞඛ්‍ය අභියෝගයට විසඳුම් සෙවීම උදෙසා ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය උපදෙස් ලබා දීම, පාසල් හා ජාතික මට්ටමින් ඒ සඳහා ප්‍රමුඛතාව ලබාදීමට කටයුතු කළ යුතු බව එම සමීක්ෂණය සිදුකළ මනෝ විශේෂඥ වෛද්‍යවරු පෙන්වා දෙන බව සඳහන්.