ශිෂ්‍යත්ව විභාගය ගැන නව හෙළිදරව්වක්
පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධ කිසිදු තොරතුරක් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැලැස්මට ඇතුළත් කර නැති බව පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පවසා ඇත.
අද (19) පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළහ. මෙම රජය බලයට පත්වීමෙන් පසු 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අවලංගු කරන බවට කළ ප්‍රකාශය මහත් ආන්දෝලනයක් ඇති කළ බව උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.
අගමැතිතුමාගේ පරස්පරවිරෝධී ප්‍රකාශ ගැන අපි සැලකිලිමත් විය යුතුය. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉඳහිට සිදුවන බවත් උන්වහන්සේ පෙන්වා දුන්හ. අධ්‍යාපන ක්‍රමය ලෝකයට ගැළපෙන ලෙස ප්‍රතිසංස්කරණය කළ යුතුය. එය එක් පුද්ගලයෙකුගේ මතය පමණක් නොවේ.
මේ පිළිබඳව අපටත් සැකයක් පවතින බව උන්වහන්සේ පැවසූහ. අගමැතිතුමා දේශපාලනයෙන් තොරව කටයුතු කරන ලෙස පවසන බවත් උන්වහන්සේ සඳහන් කළහ. අධ්‍යාපනයේ පරිහානියට ප්‍රධාන වශයෙන් වගකිව යුත්තේ ජනතා විමුක්ති පෙරමුණ බවත්, ඔවුන් රටවැසියන් අන්තගාමී තත්ත්වයකට ඇද දමා ඇති බවත් උන්වහන්සේ පෙන්වා දුන්හ.
ගුරුවරු දේශපාලනයේ යෙදෙන්නේ නැති බවද උන්වහන්සේ අවධාරණය කළහ. ඉතිහාසය නොදන්නා පරම්පරාවක් බිහිකිරීමට ඉඩදිය නොහැක. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවශ්‍ය නැතැයි අපි නොකියන නමුත්, මේ පිළිබඳව විවෘත විවාදයක් පැවැත්විය යුතු බව උන්වහන්සේ අවසානයේ ප්‍රකාශ කළහ.
