ශිෂ්‍යයත්ව විභාගයේ අර්බුදය අවසන්.. වහාම, සියලූම අපේක්ෂකයන් වෙනුවෙන් කරන්න යන දෙය මෙන්න..(PHOTO)
ආන්දෝලනයට ලක් වුණ, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිට වූ බවට සඳහන් වූ ප්‍රශ්න තුන වෙනුවෙන් සියලුම විභාග අපේක්ෂකයින් හට නිදහස් ලකුණු ප්‍රදානය කිරීමට තීරණය කර ඇත.
මේ බව අද (01) පස්වරුවේ දී මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල් එච්. ජේ. එම්. සී. අමිත් ජයසුන්දර මහතා සදහන් කළේ ය.
රාජ්‍ය සේවයට බඳවා ගන්නේ අත්‍යවශ්‍යම නම් පමණ ද?. සේවක කප්පාදුවක් වෙයි ද?. අද කැබිනට් ඇනුමැතිය හිමි වුණේ මෙහෙමයි..
සැප්තැම්බර් මස 15 වෙනිදා පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ I ප්‍රශ්න පත්‍රයේ ඇතුළත් ප්‍රශ්න 03ක් විභාගයට පෙර පිට වී ඇති බව පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් විභාග විය.
එම නඩුවේ තීන්දුව ඊයේ (31) ප්‍රකාශයට පත් විය.
එම තීන්දුවට අනුව විභාග කොමසාරිස් ජනරාල්වරයා වෙත ක්‍රියාත්මක කිරීම සඳහා නිර්දේශ තුනක් ලබා දුන්නේ ය.
එම නිර්දේශ වන්නේ,
1.පිළිතුරු පත්‍ර සඳහා ලකුණු ලබා දීමේදී මතභේදාත්මක ප්‍රශ්න තුන ඉවත් කර ඇගයීම් සිදු කිරීම.
2.අදාළ ප්‍රශ්න තුන සඳහා සියලුම විභාග අපේක්ෂකයින් හට නිදහස් ලකුණු ප්‍රදානය කිරීම.
3.I ප්‍රශ්න පත්‍රය සඳහා විභාගය නැවත පැවැත්වීම.
ඉහත සදහන් නිර්දේශ අතරින් සුදුසුම ක්‍රියාමාර්ගය අනුගමනය කරන ලෙස විභාග කොමසාරිස් ජනරාල්වරයා වෙත නියෝග කර ඇත.
ඒ අනුව, මෙම එක් එක් නිර්දේශ ක්‍රියාත්මක කිරීම මගින් ඇතිවිය හැකි හිතකර මෙන්ම අහිතකර බලපෑම් සම්බන්ධයෙන් වඩාත් ගැඹුරින් අධ්‍යයනය කර ලබාදිය හැකි වඩාත් සාධාරණ හා සුදුසුම විසඳුම ලෙස අංක 2හි සඳහන් පරිදි අදාළ ප්‍රශ්න තුන සඳහා සියලුම විභාග අපේක්ෂකයින් හට නිදහස් ලකුණු ප්‍රදානය කිරීමට තීරණය කර ඇත.
කෙසේ වෙතත්, කොමසාරිස් ජනරාල්වරයා වරයා සිය නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මෙම තීරණයත් සමග ඇගයීම් කටයුතු අවසන් කර කඩිනමින් ප්‍රතිඵල ලබාදීමට කටයුතු කරන බවයි.
එම නිවේදනය පහතින්,
You May Like This Video👇
.