අද ශිෂ්‍යත්ව විභාගය ලියන පුංචි හපන්නුන්ට ලැබෙන විශේෂ සහනය ගැන හදිසි දැනුම්දීමක්..

Report

අද (15) දින පහ වසර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙනවා.

හෙට පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගය ගැන දැනුම්දීමක්.

හෙට පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගය ගැන දැනුම්දීමක්.


මේ දිනවල ළමයින් අතර පැතිරයන ඇස් රෝගය අද පැවැත්වීමට නියමිත 5 ශ්‍රේණිය ශීෂ්‍යත්ව විභාගය සදහා බාධාවක් නොවන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

එසේ අදාළ ඇස් රෝගයෙන් පෙලෙන සිසුන්ට විශේෂ පංති කාමරයක සිට විභාගයට පෙනී සිටීමට අවස්ථාව සලසා දී තිබෙනවා.

දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2,888ක දී අයදුම්කරුවන් තුන්ලක්ෂ 37,956 දෙනෙකු මෙවර විභාගය සදහා පෙනිසිටීමට නියමිතයි.

මේ අතර, ජල ගැලීම් හේතුවෙන් පීඩාවට පත් වූ මාලිම්බඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ශිෂ්‍යත්ව දරුවන් පිළිබඳ පෞද්ගලිකව සොයා බලා අවශ්‍ය පහසුකම් සලසන බව ප්‍රදේශීය ලේකම් උමේෂා මාතරගේ සඳහන් කළේ ය.

එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දරුවන් 87 දෙනෙකු එලෙස පීඩාවට පත්ව සිටියේ ය.