මීගමුව කලපුව සුරකින්න GPS සලකුණු – කුට්ටිදූව කරවල කර්මාන්තයටත් නව සැලසුම්

Report

මීගමුව කලපුව ආරක්ෂා කිරීම සඳහා රාජ්‍ය ආයතන කිහිපයක් එක්වන ඒකාබද්ධ යාන්ත්‍රණයක් ස්ථාපිත කරන බවත්, කුට්ටිදූව කරවල නිෂ්පාදන ගම්මානයක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති බවත් ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ ප්‍රකාශ කළේය.

මෙම ප්‍රකාශය සිදුකරනු ලැබුවේ ඊයේ (17) පෙරවරුවේ මීගමුවේ පැවති ගම්පහ දිස්ත්‍රික් දෙවන ධීවර සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදීය. එම රැස්වීමේදී මීගමුව කලපුව ආශ්‍රිත ගැටලුවලට ප්‍රතිපත්තිමය විසඳුම් රැසක් පිළිබඳ එකඟතාවකට පැමිණි බව ද සඳහන් විය.

දියලුම අසල මාවෙලගම කඳු පංතිය ගින්නෙන් ගිනි ගනි - පරිසරයට දැඩි හානි

දියලුම අසල මාවෙලගම කඳු පංතිය ගින්නෙන් ගිනි ගනි - පරිසරයට දැඩි හානි

නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ මීගමුව කලපුවේ සීමා GPS ඛණ්ඩාංක සහිතව සලකුණු කර කඩිනමින් ගැසට් කිරීමට පියවර ගන්නා බවයි. කලපුවට සිදුවන පාරිසරික බලපෑම් අවම කිරීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල, වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා පොලීසිය ඇතුළත් ඒකාබද්ධ යාන්ත්‍රණයක් පිහිටුවීමට එකඟතාව පළ වී ඇත.

එමෙන්ම මීගමුව හා කුට්ටිදූව ප්‍රදේශවල කරවල කර්මාන්තයේ නිරත පවුල් දහසකට ආසන්න පිරිසගේ නිෂ්පාදන සෞඛ්‍යාරක්ෂිත හා අපනයනයට සුදුසු මට්ටමකට ගෙන ඒම සඳහා කුට්ටිදූව විශේෂ නිෂ්පාදන ගම්මානයක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇත.

ඒ සඳහා ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) සහාය ඇතිව පුහුණු වැඩසටහන් ද ආරම්භ කර ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

තවද, මීගමුව කලපුවේ තහනම් පන්න ක්‍රම භාවිත කරන පිරිස්වලට එරෙහිව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා පොලීසිය එක්ව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස උපදෙස් ලබාදී ඇත.

දික්ඕවිට සහ මීගමුව ධීවර වරායන්හි යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සහ කැපුන්ගොඩ, වත්තල හා හැඳල ප්‍රදේශවල නව ධීවර තොටුපොළවල් සඳහා ශක්‍යතා අධ්‍යයන වාර්තා කඩිනමින් කැඳවීමට ද තීරණය කර ඇත.

දුම්රිය මගීන්ට නරක ආරංචියක් - දුම්රිය ගමන්වාර අර්බුදයක් සම්බන්ධයෙන් රතු එළියක්

දුම්රිය මගීන්ට නරක ආරංචියක් - දුම්රිය ගමන්වාර අර්බුදයක් සම්බන්ධයෙන් රතු එළියක්