මේ අයගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම ගැන රජය අවදානය - අද කැබ්නට් හමුවේදී ලැබුණු පැහැදිලි කිරීම මෙන්න

Report

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (14) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් පවසා ඇත්තේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම රජය තවදුරටත් අධ්‍යනය කරමින් සිටින බවයි.

මේ සම්බන්ධව දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවත් ඒ අනුව මේ ගැන කරුණු වාර්තා කිරීම සඳහා අධිකරණ අමාත්‍යාංශයට භාර දුන් බවත් ඒ අනුව අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපත් කරන වාර්තා සහ තොරතුරු සැලකිල්ලට ගනිමින් ඉදිරි පියවරයන්ට යොමුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කරන බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේය.

රාජ්‍ය සේවකයින්ට විශේෂ නිවේදනයක් - අග්‍රහාර රක්ෂණය ගැන දැනුම්දීමක් - ජූලි 31න් අවසන්

රාජ්‍ය සේවකයින්ට විශේෂ නිවේදනයක් - අග්‍රහාර රක්ෂණය ගැන දැනුම්දීමක් - ජූලි 31න් අවසන්

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා,

"ඊයේ අපි කැබිනට් මණ්ඩලයේදී මේ ගැන සාකච්ඡා කළා. එහිදී අපි කරුණු කීපයක් සැලකිල්ලට ගත්තා. එකක් තමයි රටේ අධිකරණ පද්ධතියේ, ශ්‍රේෂඨාධිකරණ පද්ධතියේ සිට මහේස්ත්‍රාත් පද්ධතිය දක්වා පසුගිය අවුරුදු එකහමාර දෙක නෙමෙයි ඊට කලින් ඉඳන් නඩු ගොඩ ගැහිලා තිබෙනවා. අනිත් පැත්තෙන් අධිකරණ විනිශ්චයකාරවරුන්ටත් මේ නඩු කටයුතු ඉක්මන් වීම සම්බන්ධයෙන් උනන්දුවක් තිබුණත් ඔවුන්ටත් මේ පීඩනය පවතිනවා. ඒ නිසා අධිකරණය පිළිබඳ විශ්වාසය ජනතාව තුළ සහතික කිරීම සඳහා නඩු කටයුතු වේගවත් කිරීම වැදගත්. අනිත් පැත්තෙන් සමහර අධිකරණ පද්ධති කොළඹ කේන්ද්‍ර කරගෙන පැවතීම නිසාත් තවත් පීඩනයක් එල්ල වෙනවා. 2020දි විසිවන සංශෝධනය හරහා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන් 11 සිට 17 දක්වා වැඩි කළා. අභියාචනාධිකරණ විනිසුරුවන් 12 සිට 20 දක්වා වැඩි කළා. නමුත් ඒ අවස්ථාවේදී වයස් සීමාව පිළිබඳව සැලකිලිමත් වුණේ නෑ. අනිත් පැත්තෙන් වෘත්තියවේදීන් රට හැරයාම සහ මේ ක්ෂේත්‍රයට පිවිසීමට තිබෙන යම් අඩුපාඩුවක් දකින්නට ලැබෙනවා. මේ සියලු කරුණු සැලකිල්ලට ගත්තාට පස්සේ අපි අධිකරණ සඳහා විනිශ්චයකාරවරුන් බඳවා ගැනීමට උත්සාහ කරනවා. ඒ අනුව මහේස්ත්‍රාත්වරුන් 50ක් බඳවා ගැනීමට උත්සාහ කළා නමුත් 33 දෙනයි ආවේ. මේ ගැන රජය තවදුරටත් කරුණු අධ්‍යනය කරමින් පවතිනවා. ඒ සම්බන්ධයෙන් කරුණු වාර්තා කිරීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් අධිකරණ අමාත්‍යාංශයට භාර දුන්නා. අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපත් කරන වාර්තා සහ තොරතුරු සැලකිල්ලට අරගෙන තමයි ඊළඟ පියවරට කැබිනට් මණ්ඩලය ප්‍රවිශ්ට වෙන්නේ." 

මේ අයට රජයෙන් අඩු පොළියට ණය - අලුත් බැංකු ක්‍රමයක් ආරම්භයි

මේ අයට රජයෙන් අඩු පොළියට ණය - අලුත් බැංකු ක්‍රමයක් ආරම්භයි