විපක්ෂය පාර්ලිමේන්තුවෙන් විවාදයක් ඉල්ලයි - ආණ්ඩුව බෑ කියයි
මහා භාණ්ඩාගාරය ගෙවූ ඩොලර් මිලියන 2. 5 ක මුදලක් තෙවන පාර්ශවයකට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් විපක්ෂය විසින් ඉල්ලු පාර්ලිමේන්තු විවාදය ආණ්ඩුව විසින් ප්‍රතික්ෂේප කර ඇත.
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවති පක්ෂනායක රැස්වීමේදී විපක්ෂය මේ සම්බන්ධයෙන් එක්දින විවාදයක් ඉල්ලා ඇත.
නමුත් ආණ්ඩුව විසින් එය ප්‍රතික්ෂේප කළ බවයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක කියා සිටියේය.