දිවයින පුරා සිටින ආබාධිත ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ සාමාජිකයින්ට සතුටු හිතෙන සහනයක්
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරල් අරුණ ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රස්ත ක්‍රියාකාරකම් නිසා ආබාධිත තත්ත්වයට පත් වූ ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ සාමාජිකයින් හට සහන සැලසීම උදෙසා සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඉකුත් 09 වැනි දින පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම සාකච්ඡාව පවත්වා ඇත.
එහිදී යුදමය වාතාවරණය පැවැති සමයේදී ආබාධිත තත්ත්වයට පත්වූ ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ සාමාජිකයින් නිශ්චිතව හඳුනා ගැනීම සහ ඔවුන්ගේ නොවිසඳුනු ගැටළුවලට සහන සැලසීම වෙනුවෙන් වැඩපිළිවළක් ආරම්භ කිරීමට පත්කරන ලද කමිටුවට අදාළ කැබිනට් පත්‍රිකාව අනුව සහන ලබා දීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බව සඳහන්.
එහිදී අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව ත්‍රස්ත ක්‍රියා හා ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් නිසා මියගිය, ආබාධිත වූ හෝ ආබාධිත තත්ත්වය හේතුවෙන් නිවාඩු නොමැතිව රාජකාරියට වාර්තා නොකිරීම නිසා සේවයෙන් ඉවත් කරන ලද පුද්ගලයින් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශ නියෝජනය සහිත වෛද්‍ය මණ්ඩලයක් පත් කිරීමත් එම වෛද්‍ය මණ්ඩල කටයුතු ප්‍රාදේශීය මට්ටමින් විමධ්‍යගත කර ක්‍රියාත්මක කිරීමට විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කර ඇති බව පවසයි.
ඒ අනුව මෙම ක්‍රමවේදය ඔස්සේ සහන බලාපොරොත්තුවෙන් දිවයින පුරා විසිරී සිටින ආබාධිත රණවිරු සාමාජිකයින්ට හට අවහිරතාවයක් නොවන ලෙස ත්‍රිවිධ හමුදාවන් සතුව පවතින වෛද්‍ය පහසුකම් උපරිම අයුරින් භාවිත කරමින් ඔවුන් වෛද්‍ය මණ්ඩලවලට යොමු කරවා සහන හිමිගැන්වීමේ කටයුතු ආරම්භ කළ යුතු බවත්, සුදුසුකම් ලබන පුද්ගලයින් වෙත ප්‍රමාදයකින් තොරව ප්‍රතිලාභ ළඟා කර දීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස සියලු පාර්ශ්වකරුවන්ටද නියෝජ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇති බවත් වාර්තා වේ.
පාස්කු ප්‍රහාරයේ විමර්ශනවලට තමන්ව අත්අඩංගුවට එපා - ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දරගෙන් රිට් පෙත්සමක්







