රජයේ ඔන්ලයින් සේවා තාක්ෂණික දෝෂයකින් ඇණ හිටී

Report

ලංකා රාජ්‍ය ක්ලවුඩ් (LGC) මත පදනම් වූ රජයේ ඔන්ලයින් සේවා කිහිපයක් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් තාවකාලිකව අක්‍රීය වී ඇති බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සඳුදා (14) දින නිකුත් කළ නිවේදනයක දැක්වේ.

මෙම තාක්ෂණික දෝෂය හේතුවෙන් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ උප්පැන්න, විවාහ සහ මරණ සහතික පද්ධතිය, (බස්නාහිර පළාත හැර) පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවල ඊ-ආදායම් බලපත්‍ර පද්ධතිය සහ පොලිස් නිෂ්කාශන පද්ධතිය ඇතුළු සේවා ගණනාවකට බලපෑම් එල්ල වී තිබේ.

[L03JTU2 ]

එසේම, වාණිජ දෙපාර්තමේන්තුවේ සම්භවය පිළිබඳ සහතික නිකුත් කිරීමේ පද්ධතිය, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ විශ්‍රාම වැටුප් පද්ධතිය මෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා ගිණුම්කරණ හා විගණන ප්‍රමිති මණ්ඩලයේ වෙබ් අඩවි සහ සේවාවන්ද අක්‍රීය වී ඇති බව වාර්තා වේ.

අදාළ ක්ලවුඩ් සේවාවන් හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඉංජිනේරුවන් සහ සේවා සපයන්නන් කටයුතු කරමින් සිටින බව ICTA ආයතනය පවසයි. මෙම තත්ත්වය යටතේ, සහතික පිටපත් අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් සාමාන්‍ය ක්‍රමයට (මැනුවල්) ලබා ගත හැකි බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව මහජනතාවට දැනුම් දී ඇත.

මහනුවරට හෙට වතුර කපයි

මහනුවරට හෙට වතුර කපයි

ලංකා රාජ්‍ය ක්ලවුඩ් සේවාවන් යළි ස්ථාපිත කිරීම ඉහළ ප්‍රමුඛතාවයක් ලෙස සලකා කටයුතු කරන අතර, 2025 ඔක්තෝබර් මාසයේ ආරම්භ වූ LGC හි වර්තමාන පුළුල් කිරීමේ අදියර සමඟ මෙවැනි මෙහෙයුම් ගැටලු අවම වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

LGC මත පදනම් වූ පද්ධති භාවිත කරන මහජනතාවට සහ ආයතනවලට සිදු වූ මෙම අපහසුතාවය පිළිබඳව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සිය කනගාටුව පළ කරන අතර, සේවාවන් නැවත පූර්ණ ධාරිතාවයෙන් යථා තත්ත්වයට පත් කිරීමට සියලු උත්සාහයන් දරන බවට සහතික වෙයි.

ලංකා වෙළඳ ප්‍රතිපත්තිය ගැන ක්ලාස් ගන්න වසන්ත ස්විට්සර්ලන්තයට

ලංකා වෙළඳ ප්‍රතිපත්තිය ගැන ක්ලාස් ගන්න වසන්ත ස්විට්සර්ලන්තයට