අලුතින් රියදුරු බලපත්‍ර මුද්‍රණයට මොනවා වෙයි ද? - මුද්‍රණයේදී රජයට රු. කෝටි 13ක පාඩුවක්

Report

ජාතික විගණන කාර්යාලයේ නවතම වාර්තාවකට අනුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් රියදුරු බලපත්‍ර මුද්‍රණය සඳහා කිසිදු ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව එක් පුද්ගලික සමාගමකට පමණක් පැවරීමෙන් රජයට මාස 10ක කාලය තුළ රුපියල් කෝටි 13කට (රු. 134,568,855) අධික පාඩුවක් සිදුව ඇත.

විගණන වාර්තාවේ දැක්වෙන පරිදි, 2023 සැප්තැම්බර් 15 සිට 2024 ජූලි දක්වා කාලය තුළ මුද්‍රණය කරන ලද රියදුරු බලපත්‍ර කාඩ්පත් 507,807කට එක් කාඩ්පතකට රුපියල් 265ක අතිරික්ත මුදලක් ගෙවා ඇත.

ප්‍රජා ශක්ති වැඩසටහන ජේවීපී දේශපාලන මෙවලමකට ද? විපක්ෂයෙන් චෝදනාවක්

ප්‍රජා ශක්ති වැඩසටහන ජේවීපී දේශපාලන මෙවලමකට ද? විපක්ෂයෙන් චෝදනාවක්

මිල සසඳමින්:

  • ශ්‍රී ලංකා යුද්ධ හමුදාව (2022): එක් කාඩ්පතකට රු. 311
  • පුද්ගලික සමාගම (2023-2024): එක් කාඩ්පතකට රු. 576 (මුද්‍රණ පිරිවැය ඇතුළුව)

මෙම ගිවිසුම තනි සමාගමකින් මිල ගණන් කැඳවා සිදුකර ඇති අතර, එකම සමාගමකට පමණක් බලපත්‍ර මුද්‍රණය ලබාදීම නිසා තරඟකාරී මිලක් ලබාගැනීමට නොහැකි වී ඇති බව විගණනයෙන් හෙළි වී ඇත.

"දුඹුරු සීනි පියා නාමය මට දෙන්න - මම ඒකට ආසයි" - හඳුන්නෙත්තිම කියයි

"දුඹුරු සීනි පියා නාමය මට දෙන්න - මම ඒකට ආසයි" - හඳුන්නෙත්තිම කියයි

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ගණන්දීමේ නිලධාරීවරයා විගණනයට ප්‍රකාශ කර ඇත්තේ:

ආර්ථික අර්බුදය සහ ආනයන සීමා හේතුවෙන් රියදුරු බලපත්‍ර මහා ප්‍රමාණයක් ගොඩගැසී තිබූ බවත්, ඒවා කඩිනමින් මහජනතාවට නිකුත් කිරීම රජයේ අවශ්‍යතාවක් වූ බවත්, ඒ අනුව අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුව තනි පුද්ගලික සමාගමකට මුද්‍රණය ලබාදුන් බවත්ය.

විගණන නිර්දේශවලට අනුව රජයට පාඩුවක් සිදුකළ පාර්ශ්වයන්ට එරෙහිව ආයතන සංග්‍රහයේ විධිවිධාන සහ සිවිල් නීති රෙගුලාසි අනුව ක්‍රියාමාර්ග ගන්නා ලෙස නිර්දේශ කර ඇත. ඉදිරියේදී මෙවැනි ගිවිසුම් සඳහා ප්‍රසම්පාදන මාර්ගෝපදේශ දැඩි ලෙස ක්‍රියාත්මක කරන ලෙසද උපදෙස් දී ඇත.

වාහන අලෙවියට නරක කලදසාවක්

වාහන අලෙවියට නරක කලදසාවක්