GovPay හින්දා තැපැල් දෙපාර්තමේන්තු රත් වේ

By R.rishma Apr 17, 2025 07:11 AM GMT
Report

රථවාහන දඩ මුදල් ගෙවීම ඇතුළු විවිධ සේවාවන් සඳහා රජය විසින් හඳුන්වා දුන් GovPay යෙදවුම හේතුවෙන් තැපැල් දෙපාර්තමේන්තුවට වාර්ෂිකව සැලකිය යුතු ආදායමක් අහිමි වන බව ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ චෝදනා කරයි.

එහි කැඳවුම්කරු චින්තක බණ්ඩාර පවසන්නේ, තැපැල් දෙපාර්තමේන්තුව සතු නවීන පහසුකම් ඔස්සේ මෙම සේවාවන් ලබා ගැනීමේ හැකියාව ඇති බවයි.

රුපියල යළි බාල්දු වෙයි - ඩොලරය එකවරම ඉහළ යයි

රුපියල යළි බාල්දු වෙයි - ඩොලරය එකවරම ඉහළ යයි

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති තැපැල්පති රුවන් සත්කුමාරගෙන් කළ විමසීමකදී, ඔහු පැවසුවේ නව යෙදවුම හරහා තැපැල් දෙපාර්තමේන්තුවට ආදායම් අහිමි වුවද, සියලු ආදායම් මහා භාණ්ඩාගාරයට ලැබෙන බැවින් රජයේ මෙම සේවාවට සහාය දක්වන බවයි.

එසේම, මෙම යෙදවුම ජනතාවට සේවාවන් පහසු කරන බව තැපැල්පතිවරයා සඳහන් කළේය.

තව පැය කිහිපයයි.. - පාස්කු ප‍්‍රහාරයේ මහා හෙලිදරවුවට සියල්ල සූදානම්

තව පැය කිහිපයයි.. - පාස්කු ප‍්‍රහාරයේ මහා හෙලිදරවුවට සියල්ල සූදානම්

පසුගිය 11 වැනිදා GovPay යෙදවුම දියත් කෙරුණු අතර, ලබන 30 වැනිදා දක්වා කුරුණෑගල, දොරටියාව, මැල්සිරිපුර, ගොකරැල්ල, ගලේවෙල, දඹුල්ල, මඩාටුගම, මරදන්කඩවල, කැකිරාව, තිරප්පනේ, කවරක්කුලම සහ අනුරාධපුර යන ප්‍රදේශ ආවරණය වන පරිදි රථවාහන වැරදි සඳහා දඩ මුදල් ගෙවීමේ නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.