රජයට වසරකට බිලියන 200ක අලාභයක්
ශ්‍රී ලංකා සුරාබදු බලපත්‍රලාභීන්ගේ සංගමය පවසන්නේ සුරාබදු ආඥා පනත නිසි අයුරින් ක්‍රියාත්මක කිරීම සුරාබදු දෙපාර්තමේන්තුව පැහැර හැරීම හමුවේ රජයට වසරකට රුපියල් බිලියන 200කට අධික අලාභයක් සිදුවන බවයි.
ජනාධිපතිවරයා සශ අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවට ලිපියක් යොමු කරමින් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන ලෙසයි එම සංගමය දක්වා ඇත්තේ.
සුරාබදු බලපත්‍රලාභීන්ගේ සංගමය වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ සුරාබදු නිලධාරින් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් අයථා ලෙස උපයාගත් වත්කම් පිළිබඳවද පරික්ෂා කළ යුතු බවයි.