සූර්ය පැනල සදහා නව ගාස්තුවක් - ඒකකයක මිල මෙන්න
පුනර්ජනනීය බලශක්ති ප්‍රවර්ධනය කිරීමේ රජයේ ප්‍රතිපත්තියට අනුකූලව, පියසි මත සවිකරන සූර්ය පැනල (Roof Top Solar) සහ බිම මත සවිකරන සූර්ය පැනල (Ground Mounted Solar) සඳහා නව ගාස්තු ක්‍රමවේදයක් රජය හඳුන්වා දී තිබේ.
මෙම නව ක්‍රමවේදය අනුව, දිවා කාලයේ ජනනය වන සූර්ය විදුලිය ගබඩා කර තබා, රාත්‍රි කාලයේදී එම විදුලිය අලෙවි කළ හැකිය. එසේ අලෙවි කරන එක් විදුලි ඒකකයක් සඳහා රුපියල් 45.80ක් ගෙවීමට රජය තීරණය කර තිබේ.
අපතේ යන සූර්යාලෝකය ගබඩා කර රටට අවශ්‍ය මොහොතේදී භාවිත කිරීමට හැකි, නවතම තාක්ෂණය මත පදනම් වූ මෙය රජය විසින් හඳුන්වා දී ඇති නව ක්‍රමවේදයක් ලෙස සලකන ලදි.