රාජ්‍ය සේවකයින්ට නොමිලේ ලැබෙන විශේෂ අවස්ථාවක්..කිසිවෙක් අවස්ථාව මඟහැර ගන්න එපා...

Ministry of Education Open University of Sri Lanka Government Employee Government Of Sri Lanka Education
By Aruna May 23, 2023 11:46 PM GMT
Aruna

Aruna

Report

රාජ්‍ය සේවකයන්ට විවෘත විශ්වවිද්‍යාලය තුළ නොමිලේ පාඨමාලා හැදෑරීමේ අවස්ථාව සලසා දෙන බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා කියා සිටිනවා.

ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ නාත්තන්ඩිය අධ්‍යයන මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්, අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

රාජ්‍ය සේවකයින්ගේ දැනුම වර්ධනය කිරීම උදෙසා රජයෙන් මුදල් වැයකර කර ගැනීමේ පදනම මත විවෘත විශ්වවිද්‍යාලය සමඟ ගිවිසුමකට අත්සන් කිරීමට අදාල බලධාරීන් සමඟ ඉදිරියේදී සාකච්ඡා කරන බව රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා කියා සිටියා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා.,

පුද්ගල මානසික සංවර්ධනය උදෙසා ඔසුවක් වන අධ්‍යාපන ආයතන නිර්මාණය කිරීම අනාගත ආයෝජනයක්. දේශීය හා විදේශීය රැකියා වෙළදපොලට සරිලන පරිදි පාඨමාලා නිර්මාණය කරන්න.

එම පාඨමාලා සඳහා කාලය පෙළගැස්වීමේ දී තමා පිළිබඳව මෙන්ම තමා කරන ක්‍රියාවන් පිළිබඳව තර්කානුකූල හා හෘද සාක්ෂියට එකඟව වැඩ කළ හැකි මිනිසුන් නිර්මාණය කරන්න. ඒ සඳහා කාලය වෙන් කරන්න.

රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදි අදහස් දක්වමින් වැඩිදුරටත් ප්‍රකාශ කළා. උසස් අධ්‍යාපනය ඉතා පොහොසත් සංස්කෘතික හා විද්‍යාත්මක මිල කළ නොහැකි වත්කමකි.

ඒ මඟින් පුද්ගල සංවර්ධනය හා සමාජ පරිවර්තනයක් ඇති කිරීමට හේතුවේ. ශ්‍රි ලංකා විවෘත විශ්ව විද්‍යාලය ලංකාවේ දැනට තිබෙන දුරස්ථ හා අඛණ්ඩ අධ්‍යාපන ක්‍රමවේදය ක්‍රියාත්මක අභ්‍යන්තර උපාධියක් ලබා දෙන එකම රජයේ විශ්ව විද්‍යාලය වේ.

දශක හතරකට අධික කාලයක සිට ශ්‍රි ලංකා විවෘත විශ්ව විද්‍යාලය මඟින් උපාධිලාභින් දැයට දායාද කර ඇත.සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමයෙන් බැහැරව රැකියා අභිමුඛ පාඨමාලා මෙහි සැලසුම් කර තිබේ.

පළමු ලියාපදිංචියේ සිට රැකියා ගත කිරීම මෙහිදී සිදුකෙරේ.මෙහි බොහෝ පාඨමාලා ඉංග්‍රිසි මාධ්‍යයෙන් පැවතීම නිසා විදේශ රැකියා අවස්ථා සඳහා මාර්ගෝපදේශ සපයයි.

පාඨමාලා සියල්ල සඳහා ම මුද්‍රිත පිටපත් ලබා දේ. අන්තර්ජාලය භාවිතය, සම්මුඛව පාඨමාලා පැවැත්වීම, ප්‍රායෝගික පරික්ෂණ සඳහා කැදවීම හේතුවෙන් ලෝකයේ විශ්ව විද්‍යාල 12ක් සමඟ සම්බන්ධතා පැවත්වීමේ අවකාශ උදාවේ.

එමනිසා ශ්‍රි ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ ඕනෑම සහතිකයක් ලෝකය පුරා පිළිගනු ලබයි.

මූලික අධ්‍යාපන සුදුසුකම් නොමැතිව ද පාඨමාලා සඳහා ලියාපදිංචි විය හැකි වීමද විශේෂ්වයක්.

ඒ අනුව සහතික පත්‍ර පාඨමාලාවේ සිට ඩිප්ලෝමා, ප්‍රථම උපාධිය , පශ්චාත් උපාධිය සහ ආචාර්ය උපාධිය දක්වා උසස් අධ්‍යාපන අවස්ථා සලසා තිබේ.

ප්‍රාදේශීය අධ්‍යාපන සේවය යටතේ ප්‍රාදේශීය මධ්‍යස්ථාන 09ක් හා අධ්‍යාපන මධ්‍යස්ථාන 19 යටතේ මේ වන විට ශ්‍රි ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතු ක්‍රියාත්මක කරනු ලැබේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now