අත්අඩංගුවට ගන්නෙ මොකටද? – රාජ්‍ය සේවකයෝ දැන් ගැස්වෙලා - SLPP කියයි

SLPP Sagara Kariyawasam Latest Headlines Sinhala news NPP Government
By Shehan Jun 12, 2025 07:24 AM GMT
Shehan

Shehan

Report

පොදු ජන පෙරමුණ (SLPP) පවසන්නේ, අසාධාරණ ලෙස අත්අඩංගුවට ගැනෙන රාජ්‍ය සේවකයින් වෙනුවෙන් පෙනී සිටීමට තම පක්ෂය කැපවී සිටින බවයි.

ඊයේ (ජුනි 11) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොදු ජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා අවධාරණය කළේ, රාජ්‍ය සේවකයින් අවමානයට හා පීඩාවට ලක් කරමින් සිදු කරන මෙම අත්අඩංගුවට ගැනීම් හේතුවෙන් රාජ්‍ය පද්ධතියේ විශ්වාසනීයත්වය බිඳවැටීමේ උත්සාහයක් දිස්වන බවත්, එවැනි තත්ත්වයකට ඉඩ ලබා දිය නොහැකි බවත් ය.

විදුලි ගාස්තු වැඩි කරනවා කිව්වේ 15% වුණාට ඔන්න ආයේ 33%ක් කරලා...මෙහෙම ගියොත් ලයිට් නැතුව තමයි ඉන්න වෙන්නේ

විදුලි ගාස්තු වැඩි කරනවා කිව්වේ 15% වුණාට ඔන්න ආයේ 33%ක් කරලා...මෙහෙම ගියොත් ලයිට් නැතුව තමයි ඉන්න වෙන්නේ

“රජයේ ජ්‍යෙෂ්ඨ සේවකයින් අවමානයට හා හෑල්ලුවට ලක් කරමින්, ඔවුන්ව සිරගත කරමින් මෙවැනි ආකාරයට කටයුතු කිරීම තුළින්, පවතින රාජ්‍ය පද්ධතිය බිඳ දැමීමේ උත්සාහයක් දිස්වනවා. ආයතන ප්‍රධානියෙකු, පොලිස්පතිවරයෙකු, හෝ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයෙකු වැනි ඉහළ තනතුරු හොබවන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේදී රජය විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුයි. මන්ද, එවැනි ක්‍රියාවන් හේතුවෙන් මුළු රාජ්‍ය පද්ධතියම බිඳවැටීමකට ලක්වනවා. එමගින් රාජ්‍ය ආයතනවල විශ්වාසනීයත්වයට බරපතල හානියක් සිදුවනවා,” යනුවෙන් සාගර කාරියවසම් මහතා පැවසීය.

ඩඩ්ලි සිරිසේනගේ අවසන් කැමැත්ත – මිනිය පොළොන්නරුවේ තැන්පත් කරන්න!

ඩඩ්ලි සිරිසේනගේ අවසන් කැමැත්ත – මිනිය පොළොන්නරුවේ තැන්පත් කරන්න!

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, “මේ රටේ අසාධාරණයට ලක්වන රාජ්‍ය සේවකයින් වෙනුවෙන් පෙනී සිටීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග අපි මේ වන විටත් සම්පාදනය කරමින් සිටිනවා. ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමටත්, රාජ්‍ය පද්ධතියේ ස්ථාවරත්වය තහවුරු කිරීමටත් අපි කැපවී කටයුතු කරනවා,” යනුවෙනි.

මාධ්‍යවේදී එක්නැලිගොඩ නඩුව උණුසුම් වෙයි - ගොඨාගේ චන්ඩි ගෝලයා අත්තඩංගුවට

මාධ්‍යවේදී එක්නැලිගොඩ නඩුව උණුසුම් වෙයි - ගොඨාගේ චන්ඩි ගෝලයා අත්තඩංගුවට

මෙම ප්‍රකාශය, රාජ්‍ය සේවකයින්ට එරෙහිව මෑතකදී සිදු වූ අත්අඩංගුවට ගැනීම්වලට එරෙහිව පොදු ජන පෙරමුණ ගන්නා තීරණාත්මක ස්ථාවරයක් පිළිබිඹු කරයි. මෙම තත්ත්වය, රාජ්‍ය ආයතනවල ක්‍රියාකාරිත්වය සහ ඒවායේ විශ්වාසනීයත්වය පිළිබඳ රට තුළ ඇතිව තිබෙන සංවාදයට තවදුරටත් බලපෑම් එල්ල කරනු ඇතැයි විශ්ලේෂකයෝ පවසති.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඉල්ලා අස්වෙයි

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඉල්ලා අස්වෙයි

ReeCha