සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනයට පියවර
සේවක අර්ථසාධක අරමුදල් පනත කාලීන අවශ්‍යතාවන්ට අනුව සංශෝධනය කරන බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සදහන් කර තිබේ.
ඒ අනුව 30% ක ප්‍රතිලාභ ලබාගැනීමේදී හෝ වෙනයම් සේවාවන් ලබා ගැනීමේදී කිසියම් දුෂ්කරතාවලට මුහුණ දෙන අයදුම් කරුවන් සිටිනම් ඔවුන්ට ඒ පිළිබදව කම්කරු දෙපාර්තුමේන්තුවේ වෙබ් අඩවියේ පැමිණිලි කිරීම මගින් හෝ ලිපියක් මගින් දැනුම් දිය හැකියි .
ඒ වගේම අමාත්‍යංශයේ whatsapp අංකයට කෙටි පණිවිඩයක් ලබා දීම මගින් පැමිණිළි කළ හැකිය.
එම අංකය නම් 0707227877 යන අංකයි.
සේවක අර්ථසාධක අරමුදල් පනත කාලීන අවශ්‍යතා අනුව වෙනස් කිරීමට ජාතික කම්කරු උපදේශක සභාව සමග සාකච්ජා ආරම්භ කර ඇති බවත් කම්කරු දෙපාර්තුමේන්තව ඩිජිටල් කරණය කිරීම සදහා අවශ්‍ය පහසුකම් ගෙන තිබෙන බවත් අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පාර්ලිමේන්තුවේදී සදහන් කර තිබේ .
මේ අතර විගණකාධිපති පත්කිරීම සම්බන්ධයෙන් ද අද පාර්ලිමේන්තුවේ කතාබහක් නිර්මාණය වී තිබේ.