කලාකරුවන්ට සහ මාධ්‍යවේදීන්ට රජයෙන්. - හැකි ඉක්මනින්ම ලැබෙයි වගේ.

By Wayomi Feb 17, 2025 09:13 AM GMT
Report

සමාජයේ සංස්කෘතික සුපෝෂණයට විශේෂ දායකත්වයක් සපයන කලාකරුවන් සහ මාධ්‍යවේදීන් සඳහා මහල් නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.

ඒ, අද (16) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී අයවැය යෝජනා ඉදිරිපත් කරමින්.

එහිදී ඔහු කියා සිටියේ, මහජන චීන සමූහාණ්ඩුවේ ආධාර ඇතිව නිවාස ඒකක 1,996 ක් ඉදිකරමින් පවතින බවයි.

ඒ අනුව, නිවාස ඒකක 108 කින් සමන්විත මහල් නිවාස සංකීර්ණයක් කොට්ටාව, පලතුරුවත්ත ප්‍රදේශයෙන් වෙන් කර තිබෙනවා.

එම නිවාස ඉතා ඉක්මනින් ඉදි කිරීමට බලාපොරොත්තු වන බව ද ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියා.

මෙවර මංගල අයවැයෙන් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කෙරේ.- වැඩි වූ ප්‍රමාණයන් මෙන්න. - (සටහන් සහිතයි - VIDEO)

මෙවර මංගල අයවැයෙන් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කෙරේ.- වැඩි වූ ප්‍රමාණයන් මෙන්න. - (සටහන් සහිතයි - VIDEO)

නව රජයේ 2025 සම්පූර්ණ මංගල අයවැය මෙන්න. - පහතින් Click කරන්න.

නව රජයේ 2025 සම්පූර්ණ මංගල අයවැය මෙන්න. - පහතින් Click කරන්න.


You May Like This Video👇