රජයට වී කිලෝ 675 ක්..පළමු වී තොගය අම්පාර දිස්ත්‍රික්කයෙන්...

By Piyumika Feb 15, 2025 02:25 AM GMT
Report

රජය විසින් මෙවන විට වී කිලෝ 675 ක් මිලදීගෙන තිබේ.

වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්කන්ද මහතා සඳහන් කරන්නේ රජයේ සහතික මිල යටතේ මෙම වී තොගය මිලට ගත් බවයි.

මගීන් 50කට වැඩි පිරිසක් රැගත් පෞද්ගලික බස් රථයක් බිහිසුණු අනතුරකට.....(VIDEO)

මගීන් 50කට වැඩි පිරිසක් රැගත් පෞද්ගලික බස් රථයක් බිහිසුණු අනතුරකට.....(VIDEO)

කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව කියා සිටියේය. තවමත් වැඩි වශයෙන් වෙළඳපොළට වී අස්වැන්න පැමිණ නැති බවත් ඉදිරියේ වැඩි වැඩි වශයෙන් අස්වැන්න පැමිණෙන විට රජයේ ගබඩා කරාද ගොවීන් වී ගෙන එනු ඇති බවත් ඔහු විශ්වාසය පල කරයි.

මේ අතර රජයේ සහතික මිලට පළමු වී තොගය අම්පාර දිස්ත්‍රික්කයේ ගොවියකු විසින් අලෙවි කර තිබුණේ තිස්සපුර වී ගබඩාවටයි.

පියාගේ නිවසේ අයිතිය ඉල්ලමින් මුණුබුරා සීයාට කල දේ..

පියාගේ නිවසේ අයිතිය ඉල්ලමින් මුණුබුරා සීයාට කල දේ..

ඔහු එහිදී වි කිලෝ 650ක තොගයක් අලෙවි කර තිබින.

වී මිලදී ගැනීමේ අවස්ථාව සදහා අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම , වී අලෙවි මණ්ඩලයේ අම්පාර ප්‍රාදේශීය කළමණාකරු එන්. එස්. සේනානායක, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ තුෂාර පෙරේරා සහ ගබඩා නිලධාරි ප්‍රියන්ත කුමාර, යන මහත්වරුන් එක්ව සිටියහ.

රජයට වී කිලෝ 675 ක්..පළමු වී තොගය අම්පාර දිස්ත්‍රික්කයෙන්... | Government Has So Far Purchased 675Kg Of Paddy

රජයට වී කිලෝ 675 ක්..පළමු වී තොගය අම්පාර දිස්ත්‍රික්කයෙන්... | Government Has So Far Purchased 675Kg Of Paddy

You may like this video