නව රජය නිසා රටම දිනුම්... සුරාබදු ආදායම අහසට

Report

2025 වසරේ සුරාබදු ආදායම් ඉලක්කය වන රු. බිලියන 24 න්, පළමු මාස 6 තුළ 104%ක් වන රු. බිලියන 98ක් උපයාගෙන තිබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව ක්‍රම සහ විධි කාරක සභාවට දැනුම් දුනි.

මෙතෙක් ආදායම බිලියන 10කින් වැඩිවී ඇත.

ආණ්ඩුව වට්ටන සැලසුම් බන්ධනාගාරය ඇතුළෙන් පටන් ගන්නවද?

ආණ්ඩුව වට්ටන සැලසුම් බන්ධනාගාරය ඇතුළෙන් පටන් ගන්නවද?

නව රජය පත් වූ පසුව නීතිවිරෝධී මත්පැන් කර්මාන්ත වලින් බොහෝ පිරිස් ඉවත්වීම මෙම වර්ධනයට හේතුවක් බවද සඳහන් විය.

2024 අග භාගයේ හඳුන්වාදුන් QR කේත සහිත ආරක්ෂිත ස්ටිකරය මඟින් ව්‍යාජ මත්පැන් හඳුනාගැනීමේ වැඩපිළිවෙළ සාර්ථකව ක්‍රියාත්මක වන බවත්, එම ක්‍රමය ඉදිරියේදී ජනතාවටද විවෘත කිරීමට අවශ්‍ය බවත් අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම සඳහන් කළේය.

නීතිවිරෝධී බෝතල් වැටලීම්වලදී ව්‍යාජ ස්ටිකර හමු නොවීමද විශේෂිතය. සුරාබදු පනත සංශෝධනය කිරීම, ව්‍යාජ මත්පැන් පාලනය, සහ සාධාරණ මිලට ගුණාත්මක මත්පැන් ලබාදීම පිළිබඳ යෝජනා ඉදිරිපත් කිරීමට කාරක සභාව නිලධාරීන්ට උපදෙස් දුනි. 

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ නෙදර්ලන්ත සමාගමකටද...?

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ නෙදර්ලන්ත සමාගමකටද...?