ආයේ රජයේ සේවකයන්ට කන්න වෙන්නෙ දුඹුරු සීනි පමණයි - මෙන්න හේතුව

Report

රජය විසින් ගත් නව කැබිනට් තීරණයක් ඔස්සේ, රජයේ ආයතන,රජයේ රෝහල්, බන්ධනාගාර දෙපාර්තමේන්තුව, පොලිසිය, ත්‍රිවිධ හමුදාව ආදී ආහාර ද්‍රව්‍ය ප්‍රසම්පාදනය කිරීමේදී දුඹුරු සීනි පමණක් භාවිත කිරීම අනිවාර්ය කර තිබේ.

හේතුව ලෙස සලකනුවේ සීමාසහිත ලංකා සීනි (පුද්ගලික) සමාගම යටතේ පැලවත්ත සහ සෙවනගල කර්මාන්තශාලා වාර්ෂිකව මෙට්‍රික් ටොන් 56,000 ක් දුඹුරු සීනි නිපදවන බවට රජය සඳහන් කරයි.

අද ව්‍යාපාරයක් පටන් ගත්තොත් අත මිට සරු වෙනවා සත්තයි - ඔබේ ලග්නෙන් කියවෙන දේ මෙන්න

අද ව්‍යාපාරයක් පටන් ගත්තොත් අත මිට සරු වෙනවා සත්තයි - ඔබේ ලග්නෙන් කියවෙන දේ මෙන්න

උක් වගාවේ සාර්ථකත්වය හේතුවෙන්, වාර්ෂික නිෂ්පාදනය මෙම සීමාව ඉක්මවා ගොස් ඇත. දේශීය වෙළෙඳපොළේ විකුණුම් අවස්ථා වැඩි කිරීම සඳහා, රජය මඟින් ශ්‍රී ලංකා පොලිසිය, බන්ධනාගාර දෙපාර්තමේන්තුව, රජයේ රෝහල් වැනි ආයතන හරහා දුඹුරු සීනි ලබා ගැනීම අනිවාර්ය කිරීමට, සහ ලංකා සතොස විසින් සෘජුවම සීමාසහිත ලංකා සීනි (පුද්ගලික) සමාගමේ දුඹුරු සීනි මිලදීගෙන පාරිභෝගිකයන් වෙත අලෙවි කිරීමට කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන ඇමැතිවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කර තිබේ.

උප්පැන්න සහතික පිටපත් සහ මෙම ලියවිලි රජයෙන් ලබා ගන්න එන අයට විශේෂ නිවේදනයක්

උප්පැන්න සහතික පිටපත් සහ මෙම ලියවිලි රජයෙන් ලබා ගන්න එන අයට විශේෂ නිවේදනයක්

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (14) පැවැති මාධ්‍ය හමුවේදී, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ, ත්‍රිවිධ හමුදාව, පොලිසිය, බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැනි ආයතන හරහා දුඹුරු සීනි භාවිතය වැඩි කිරීමේ දායකත්වය ලබා දී ඇති අතර, මෙම ක්‍රියාවලිය නිසා දුඹුරු සීනි මිල යම් ප්‍රමාණයකින් අඩු කිරීමට හැකි වනු ඇති බව අපේක්ෂා කළ හැකි බවයි.