රාජකාරියට වාර්තා නොකළොත් ලක්ෂයක දඩයක්. - පනතට අනුව දඬුවම්.

Election Commission of Sri Lanka Government Employee Government Of Sri Lanka General Election 2024 Sri Lanka General Election 2024
By Wayomi Oct 10, 2024 10:54 AM GMT
Wayomi

Wayomi

Report

මැතිවරණ රාජකාරි සඳහා වාර්තා කරන ලෙස පත්වීම් ලිපි ලැබෙන සියලුම නිලධාරීන් අදාළ මැතිවරණ රාජකාරියට වාර්තා කළ යුතු බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ප්‍රකාශ කරනවා.

ඒ, අනුව පත්වීම් ලිපි ලබාගත් නිලධාරීන් ඊට වාර්තා නොකරන්නේ නම් රුපියල් ලක්ෂයක දඩයක් ලැබිය හැකි වරදක් බවත්ඔ, පනතේ සඳහන් වන ආකාරයට ඊට අදාළ දඬුවම් ලබාදෙන බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කරන්නේ.

මැතිවරණ කොමසාරිස් වැඩිදුරටත් පවසන්නේ, තැපැල් ඡන්ද අයදුම් කර නොතිබීම සහ අයදුම්පත් ප්‍රතික්ෂේප වීම මැතිවරණ රාජකාරිවලින් නිදහස් කිරීමට හේතුවක් නොවන බවත්, තමන්ගේ නිත්‍ය සේවා ස්ථානයට වාර්තා කිරීමෙන් පසුව පැමිණීමේ සහතිකය ආයතන ප්‍රධානියාට වෙත ඉදිරිපත් කළ යුතු බවත්ය.

එමෙන්ම මැතිවරණ රාජකාරියට වාර්තා නොකරන නිළධාරීන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මැතිවරණ කොමිෂන් සභාව සමග සහයෝගයෙන් කටයුතු කිරීම ප්‍රතික්ෂේප කරන හෝ අපොහොසත් වන තැනැත්තන් ලෙස සැලකෙන බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරනවා.